ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අවසන් මහා තරගය මේ මස 18 වැනිදා කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගය සඳහා කොළඹ මහානාම විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සුදුසුකම් ලබා තිබේ.
මහානාම විද්‍යාලය
තවිරු පෙරේරා ගේ නායකත්වයෙන් යුත් කොළඹ මහානාම විද්‍යාලය තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ කාණ්ඩ ශූරයන් ලෙසිනුයි. ඔවුන් දෙවැනි වටයේ දී සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එම වටයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියා.
අනතුරු ව එම වටයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරන ඔවුන් අවසන් පූර්ව වටයේ දී පෙර වසරේ සම ශූරයන් වු රාජකීය විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගමාලාවක අවසන් මහා තරගයකට එක් වෙන්නේ වසර 5කට පසුවයි. ඔවුන් අවසන් වරට මෙම වයස් කාණ්ඩයේ ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2019 වසරේදීයි.
මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
තවිරු පෙරේරා (නායක), දුල්නෙත් අල්ගෙවත්ත, සනුල් වීරරත්න, කෞෂික තිලකරත්න, සිනෙත් වීරරත්න, යශේන් ගුණතිලක, විමාශ් මදනායක, විහඟ පෙරේරා, අචින්ත ලක්ශාන්, තරුන් මුණවීර, ජනිඳු කෙවිටියාගල, දනුප ජිතේන්, සංදිල් මෙතනුල, බිනර එදිරිසිංහ, තරිඳු අබේසේකර, තෙනුජ රශ්මින්, බිනුල පන්නිල
නිලධාරීන්
අකිල බණ්ඩාර රාජපක්ෂ (ක්‍රිකට් භාර ආචාර්ය), අශාන් ප්‍රියංජන් (ප්‍රධාන පුහුණුකරු), දුල්ශාන් ඇල්වලගේ (සහාය පුහුණුකරු)
- Major Club තරගාවලියට දින වෙන්කරයි
- මහින්ද – රාජකීය අවසන් පූර්ව වටයට
- 23න් පහළ පළමු දිනයට ශතක වැස්සක්
- 2025 LPL තරගාවලියට දින වකවානු තහවුරු වෙයි
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට
දේවපතිරාජ විද්‍යාලය
රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ පළමු කොටසේ තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
අරෝෂ සිතුමිණ ගේ නායකත්වයෙන් යුත් දේවපතිරාජ විද්‍යාලය මෙවර තරගාවලියේ දී තම පළමු වටය නිමා කරන්නේ කාණ්ඩ අනුශූරයන් ලෙසිනුයි. ඒ අනුව ඔවුන්ට 2 වැනි වටයේ දී හමුවෙන්නේ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයයි.
එම තරගය ජයග්‍රහණය කරන ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජයට පත් කරනවා. ඒ ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ඔවුන් එම වටයේ දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරනු ලබනවා.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී කොළඹ නාලන්දා විද්‍යාලය පරාජයට පත් කරන ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
අරෝෂ සිතුමිණ (නායක), යසිරු ලක්ශාන්, පුල්ජිත් වත්සුක, සඳරු මල්ශාන්, ඔශේන් කල්හාර, හර්ෂ මදුසංක, නෙතූශ නිර්මාල්, කවීශ්වර අබේගුණවර්ධන, සශ්‍රීක අබේගුණවර්ධන, විහඟ නිම්සර, අදීශ සංජන සහ හිරුෂ ප්‍රමෝද්.
නිලධාරීන්
චාරුකා ගුණතිලක මහත්මිය (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (ප්‍රධාන පුහුණුකරු), සුධීර වීරරත්න (සහාය පුහුණුකරු), තරිඳු රුක්ෂාන් (සහාය පුහුණුකරු)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























