තර්ස්ටන් – සාන්ත අන්තෝනි 13න් පහළ අවසන් මහා තරගය හෙට

U 13 Division 1 Inter Schools Cricket Tournament

4
U 13 Division 1 Inter Schools Cricket Tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (27) කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 14ක් යටතේ කණ්ඩායම් 85ක් සහභාගි වූ අතර එහි දී අවසන් මහා තරගය සඳහා දිදුල සමරසිංහ ගේ නායකත්වයෙන් යුත් කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ සංදිල් සෙනෙවිරත්න ගේ නායකත්වයෙන් යුත් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සුදුසුකම් ලබා සිටිනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය මේ දක්වා පැමිණි ගමනේ දී පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කැළණිය ගුරුකුල විද්‍යාලය පරාජය කරමින් ද, අර්ධ අවසන් පුර්ව වටයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජයක කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් ද මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාල මේ දක්වා පැමිණි ගමනේ දී පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කරමින් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දි කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් ද සහ අවසන් පූර්ව වටයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට පරාජය කරමින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම

 

දිදුල සමරසිංහ (නායක), යුවිරු නදීෂ්, තුශාන් තීක්ෂණ, ලින්දුල ජයනාන්දිත්, ආයුෂ් විජේසිංහ, සුහස් සෙතික, සඳුප සත්මිර, විබීත රත්නවර්ධන, යෙනුක බිනාල්, යසිරු සංචල, නේමින්දර ජයසිංහ, නිතික පරණමාන්න, අනුක් නෙත්සිලු, ඩිහේන් මෙව්නක, සවේන් සිරිවර්ධන, චෙමිත සිල්වා.

 

නිලධාරීන්

රුවන් චාමර (ක්‍රිකට් භාර ආචාර්ය), හර්ෂණ විතාන (ප්‍රධාන පුහුණුකරු), සඳරු ඩයස් (සහාය පුහුණුකරු)

සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම

 

සංදිල් සෙනෙවිරත්න (නායක), හිරුක අබේරත්න, මෙතුප බණ්ඩාර, මුහම්මද් ෆර්හාන්, විබූ සමරකෝන්, ධනුජය වීරකෝන්, වී. හරිකේශ්, ඉනුල බෝයගොඩ, ජනිරු බණ්ඩාර, මතීෂ ගුණසේකර, මෙතික රාජගුරු, මිහින් දිසානායක, රේමන්ඩ් ඉනෝෂ්, ග්ලේන් පෙරේරා, බිමාෂ් දෙව්නෙත්, මොහොමඩ් හෆීස්

 

නිලධාරීන්

රුවන්ත හතුරුසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), අකලංක දිසානායක (ප්‍රධාන පුහුණුකරු), කවිඳු සෙශාන් (සහාය පුහුණුකරු) දිව්යේශ් රාමයියා (සහාය පුහුණුකරු)

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (27), Dialog TV චැනල් අංක 63 ඔස්සේ ThePapare 2 මඟින්, Dialog Play app සහ thepapare.com සුසර කර ගනිමින් සජීවී ව දැක බලා ගැනීමට පහසුකම් සලසා තිබේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<