ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ ආරම්භක දිනයේ දී ලක්ෂාන් ගමගේ, කෙමිර විජේනායක සහ දිමුත් සඳරුවන් ශතක වාර්තා කළා.
ඒ අතුරින් දිනයේ හොඳම ඉනිම වාර්තා කරන්නේ Kandy Customs කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ. ඔහු SL Navy කණ්ඩායමට එරෙහි ව පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබා ගත්තා.
ඊට අමතර ව Ragama කණ්ඩායමේ කෙමිර විජේනායක Moratuwa කණ්ඩායමට එරෙහි ව පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත් අතර Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන් SL Army කණ්ඩායමට එරෙහි ව පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Colombo Malay කණ්ඩායමේ පුලස්ති අතපත්තු (50), Sebastianites කණ්ඩායමේ උමයංග සුවාරිස් (52), United Southern කණ්ඩායමේ සසංක නිර්මාල් (51) සහ කවිඳු එදිරිවීර (74) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Leo කණ්ඩායමේ මල්ශාන් ගුණසිංහ Colombo Malay කණ්ඩායමට එරෙහි ව ලකුණු 71කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Moratuwa කණ්ඩායමේ චානක රුවන්සිරි ද Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 80කට කඩුලු 6ක් දවා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව SL Navy කණ්ඩායමේ ඉෂාන් අබේසේකර (5/77) සහ Galle කණ්ඩායමේ අසේල සම්පත් (5/58) ද පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූවා.
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
- ඩිලංක සහ නවිඳු දිනයේ ඉහළ ම දක්ෂතා දක්වයි
- T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය එළි දක්වයි
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
පැවැත්වෙන තරගවල කෙටි ලකුණු පුවරු
Ragama CC සහ Moratuwa SC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moratuwa SC
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (78.1) මනීශ රූපසිංහ 30, සාහිල් ඩයස් 39, මලීෂ සිල්වා 48, කෙමිර විජේනායක 107, චානක රුවන්සිරි 6/80, මෙතුශාන් තිළිණ 2/70
- Moratuwa SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 21 (8.2) උපුල් ඉන්ද්‍රසිරි 2/06
Moratuwa කණ්ඩායම ලකුණු 258ක් පිටුපසින්.
SL Army SC සහ Negombo CC අතර තරගය පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Negombo CC
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (75.2) කවීන් ප්‍රනාන්දු 28, දුලාජ් රණතුංග 20, කෙශාන් වන්නිආරච්චි 28, දිමුත් සඳරුවන් 102, ඇන්ජලෝ ජයසිංහ 23, ශෙෂාන් ප්‍රනාන්දු 32, ගයාන් චන්ද්‍රබෝස් 2/72, ශෙහද සොයිසා 4/55, අසේල ගුණරත්න 2/37
- SL Army SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 37 (11.0) ඉෂාර මෙන්ඩිස් 20, ශෙෂාන් ප්‍රනාන්දු 2/26
SL Army කණ්ඩායම ලකුණු 251ක් පිටුපසින්.
Kandy Customs SC සහ SL Navy SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 350 (80.0) මලිඳු මදුරංග 33, ප්‍රමේෂ් මදුභාෂණ 23, රිශාන් හේරත් 25, ලක්ශාන් ගමගේ නොදැවී 152, යශෝධ මෙන්ඩිස් 43, කවීෂ ඉඳුරුව නොදැවී 41, ජනිත් ප්‍රනාන්දු 3/89, ඉශාන් අබේසේකර 5/77
Colombo Malay CC සහ Leo CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Leo CC
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (73.4) සචින් ගොඩමාන්න 37, පුලස්ති අතපත්තු 50, බුද්ධික හසරංග 29, ටෙරන් බාස්කරන් 42, විශ්ව රාජපක්ෂ 3/22, මල්ශාන් ගුණසිංහ 6/71
- Leo CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 59 (13.5) සලිඳු පතිරණ නොදැවී 20, සෙනාශ් ප්‍රනාන්දු නොදැවී 30, චානක දේවින්ද 3/22
Leo කණ්ඩායම ලකුණු 158ක් පිටුපසින්.
Sebastianites C & AC සහ Galle CC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle CC
- Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (63.0) මාලිංග මලිගස්පේ 43, මනෙල්ක ද සිල්වා 28, උමයංග සුවාරිස් 52, ලහිරු ප්‍රනාන්දු 22, අසේල සම්පත් 5/58, සුභානු රාජපක්ෂ 2/65, චතුර රන්දුණු 2/20
- Galle CC – පළමු ඉනිම කිසිවෙක් දැවී 73 (17.0) රමේෂ් නිමන්ත නොදැවී 31, අමිත් එරන්ද නොදැවී 37
Galle කණ්ඩායම ලකුණු 123ක් පිටුපසින්
United Southern CC සහ SSC කණ්ඩායම අතර තරගය කොළඹ, SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern CC
- United Southern CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 178 (90.0) සසංක නිර්මාල් 51, කවිඳු එදිරිවීර 74, නිපුන් ධනංජය 2/17
මෙම තරග සියල්ල අද (24) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















