ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතිය නිමාවේ දී තමන් පිට පිට මුහුණ දුන් තෙවැනි තරගය ද ජයග්‍රහණය කිරීමට SSC ක්‍රීඩකයෝ සමත් වුණා. ඔවුන් මෙම ජයග්‍රහණ ත්‍රිත්වය ම ලබා ගන්නේ ඉනිම් ජයග්‍රහණවලින් වීම කැපී පෙණුනා. ඔවුන්ගේ මෙවර ගොදුර බවට පත් වූයේ Ragama කණ්ඩායමයි.
ඊට අමතර ව Negombo කණ්ඩායම, United Southern කණ්ඩායම සහ Moratuwa කණ්ඩායම ද මෙම සතියේ තරග ජයග්‍රහණය කරන්නට සමත් වෙනවා.
මේ අතර නිමා වූ සතියේ දී ශතක 5ක් වාර්තා වූ අතර ඒ අනුව Negombo කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් පන්දු 250කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 175ක් ද සහ ශෙශාන් ප්‍රනාන්දු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 138ක් ද ලබා ගත්තා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Galle කණ්ඩායමට එරෙහිවයි.
SSC කණ්ඩායමේ නිපුන් ධනංජය Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 149ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව මෙවර තරගාවලියේ මීට පෙර ද්විත්ව ශතකයක් වාර්තා කළ Sebastianite කණ්ඩායමේ රුසිරු විලෝචන Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 113ක් ද සහ Colombo Malay කණ්ඩායමේ කෙවින් සැමුවෙල් SL Army කණ්ඩායමට එරෙහි ව පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 157ක් ද ලබා ගත්තා.
SL Army කණ්ඩායමේ ශෙහද සොයිසාට තම ශතකය ලකුණකින් අහිමි වූ අතර ඊට අමතර ව තවත් අර්ධ ශතක කිහිපයක් ද නිමා වූ සතියේ දී තරගාවලියට එක් වුණා. ඒ අනුව SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (58), United Southern කණ්ඩායමේ ආදිත්‍ය සිරිවර්ධන (53), කවිඳු එදිරිවීර (76) සහ පෙසඳු සංජන් (50), Sebastianite කණ්ඩායමේ උමයංග සුවාරිස් (86), මාලිංග මලිගස්පේ (59) සහ මනෙල්ක ද සිල්වා (74), Kandy Customs කණ්ඩායමේ ලහිරු අත්තනායක (66) සහ ලක්ශාන් ගමගේ (86), Colombo Malay කණ්ඩායමේ වෝෂිත අමරසිංහ (54), SL Army කණ්ඩායමේ අසේල ගුණරත්න (70), සහ තිසර පෙරේරා (53), Leo කණ්ඩායමේ රොමේෂ් සුරංග (63), Moratuwa විදුර ලක්ෂාන් (නොදැවී 60), පුබුදු බණ්ඩාර (නොදැවී 72) සහ ගවින් බොතේජු (නොදැවී 86) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය Ragama කණ්ඩායමට එරෙහි ව තරගයේ දී ලකුණු 121කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර Moratuwa කණ්ඩායමේ චානක රුවන්සිරි (6/49), Galle කණ්ඩායමේ අසේල සම්පත් (5/77), Negombo කණ්ඩායමේ හංසජ හිරුන් (5/70), Leo කණ්ඩායමේ මංගල ප්‍රදීප් (5/41) සහ SL Army කණ්ඩායමේ මල්ක මදුශාන් (5/51) ද පන්දු යැවීමේ දී දක්ෂතා දක්වනවා.
- T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි
- අමිත සංදීපට කඩුලු 14ක්
- SSC පිට පිට 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි
- ඉෂාර සහ රන්මිත් ශතක රැස් කරයි
- SSC කණ්ඩායමට ඉනිමක ජයක්
Negombo CC සහ Galle CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (82.0) උමේෂ් ලක්ෂාන් නොදැවී 175, ශෙශාන් ප්‍රනාන්දු 138, රජිත් ප්‍රියාන් 4/55, අසේල සම්පත් 5/77
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (75.0) රමේෂ් නිමන්ත 30, ලිසුල ලක්ෂාන් 29, අමිත් එරන්ද 31, රජිත් ප්‍රියාන් 20, හංසමාන ද සිල්වා 38, රජීව වීරසිංහ නොදැවී 33, හංසජ හිරුන් 5/70, දනුශ්ක සඳරුවන් 4/61
- Galle CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 124 (58.5) ලිසුල ලක්ෂාන් 24, චතුර රන්දුණු 33, රජිත් ප්‍රියාන් 26, දනුශ්ක සඳරුවන් 3/47, අමිත සංදීප පෙරේරා 4/33
Negombo කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 32ක ජයක්.
SSC සහ Ragama CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 364 (90.1) අවිශ්ක ප්‍රනාන්දු 45, ශෙවෝන් ඩැනියෙල් 58, නිපුන් ධනංජය 149, නුවනිඳු ප්‍රනාන්දු 33, ප්‍රභාත් ජයසූරිය නොදැවී 26, උපුල් ඉන්ද්‍රසිරි 5/121, කොශාන් ජයවික්‍රම 2/112
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (43.2) සමීන් කඳනාරච්චි 22, මනීශ රූපසිංහ 21, රන්මිත් ජයසේන 37, විකුම් සංජය 39, ප්‍රමෝද් මදුශාන් 3/22, ප්‍රභාත් ජයසූරිය 6/78
- Ragama CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 182 (53.4) සමීන් කඳනාරච්චි 41, සහීල් ඩයස් 48, කවිඳු රණසිංහ 37, ප්‍රභාත් ජයසූරිය 5/53, නුවනිඳු ප්‍රනාන්දු 4/29
SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 6ක ජයක්.
United Southern SC සහ Leo CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (37.0) ආදිත්‍ය සිරිවර්ධන 22, ඩිල්ශාන් කාංචන 21, කවිඳු එදිරිවීර 27, ප්‍රවීන් ද සිල්වා 2/32, මංගල ප්‍රදීප් 5/41, මල්ශාන් ගුණසිංහ 3/33
- Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (52.4) හිරුන් සිගේරා 21, අකීල් ඉන්හාම් 26, මංගල ප්‍රදීප් 35, මල්ශාන් ගුණසිංහ නොදැවී 31, ධනෝශ් ද සිල්වා 4/44, තරුෂ දමිඳු 4/52
- United Southern SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 311 (74.1) අදීශ නානායක්කාර 24, ආදිත්‍ය සිරිවර්ධන 53, නිපුන ගමගේ 32, කවිඳු එදිරිවීර 76, පෙසඳු සංජන් 50, මල්ශාන් ගුණසිංහ 3/87, සෙනාශ් ප්‍රනාන්දු 4/40
- Leo CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 202 (70.4) හිරුන් සිගේරා 45, රොමේෂ් සුරංග 63, මංගල ප්‍රදිප් 22, සෙනාශ් ප්‍රනාන්දු 37, තරුෂ දමිඳු 3/43, දනෝෂ් ද සිල්වා 4/61, කවිඳු එදිරිවිර 3/54
United Southern කණ්ඩායමට ලකුණු 94ක ජයක්.
Sebastianite C & AC සහ Kandy Customs SC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Sebastianite C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (92.1) මාලිංග මලිගස්පේ 22, රුසිරු විලෝචන 38, උමයංග සුවාරිස් 86, නවිඳු නිර්මාල් 31, තරුෂ ප්‍රනාන්දු 43, උමේග චතුරංග 2/55, කවිෂ ඉඳුවර 3/34, මිතුන් ජයවික්‍රම 2/85
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (70.3) ප්‍රමේෂ් මදුභාෂණ 21, ලහිරු අත්තනායක 66, ලක්ශාන් ගමගේ 86, බිශාන් හෙට්ටිආරච්චි 3/37, හෂාන් සංදීප 2/48, මලිත හපුආරච්චි 3/24
- Sebastianite C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 316 (64.4) මාලිංග මලිගස්පේ 59, රුසිරු විලෝචන 113, උමයංග සුවාරිස් 36, මනෙල්ක ද සිල්වා 74, උමේග චතුරංග 2/102, මිතුන් ජයවික්‍රම 3/106
- Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 99 (28.0) මලිඳු මදුරංග 39, චරිත් රාජපක්ෂ 3/32, හෂාන් සංදීප 4/20
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Sebastianite කණ්ඩායමට)
Moratuwa SC සහ SL Navy SC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
- SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (76.4) තෙවිඳු දික්වැල්ල 30, මයුර මල්ශාන් 38, සුමල්ක ප්‍රනාන්දු 42, රවිඳු මිලාන් 36, පූර්ණ චාරුක 21, ඩිලංක අවර්ඩ්ට් 29, අමිල ලක්ෂිත නොදැවී 26, චානක රුවන්සිරි 6/49
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (66.0) අබිශේක් ලියනාරච්චි 20, රශ්මික මෙවන් 42, පුබුදු බණ්ඩාර 32, ගවින් බොතේජු 24, දිනිත ලෝචන සිරිවර්ධන 29, විදුර ලක්ෂාන් නොදැවී 60, ඩිලංක අවර්ඩ්ට් 2/60, පූර්ණ චාරුක 3/40, ඉශාන් අබේසේකර 2/52
- SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 157 (44.0) සුමල්ක ප්‍රනාන්දු 27, රජිත රත්නායක 47, ඉශාන් අබේසේකර නොදැවී 27, ගයාන් සිරිසෝම 4/54, මදුශික සඳරුවන් 3/32
- Moratuwa SC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 204 (47.1) අනුශ්ක පෙරේරා 28, පුබුදු බණ්ඩාර නොදැවී 72, ගවින් බොතේජු නොදැවී 86, ඩිලංක අවර්ඩ්ට් 2/55, අමිල ලක්ෂිත 2/49
Moratuwa කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
SL Army SC සහ Colombo Malay CC අතර තරගය පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (104.3) නිමන් උමේෂ් 36, කෙවින් සැමුවෙල් 157, වෝෂිත අමරසිංහ 54, ටෙරොන් බාස්කරන් 47, ජනිත් ද සිල්වා 3/52, ශෙහද සොයිසා 2/74, සීක්කුගේ ප්‍රසන්න 2/87
- SL Army SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 430 (96.0) අශාන් සුදර්ශන 44, ඉශාර මෙන්ඩිස් 30, ක්‍රිශේන් අපෝන්සු 34, මනුශ්ක සමිත් 36, අසේල ගුණරත්න 70, තිසර පෙරේරා 53, ශෙහද සොයිසා 99, සීක්කුගේ ප්‍රසන්න 23, කාවින්ද ඊශ්වර 2/79, යෙසිත් රූපසිංහ 2/61, චානක දේවින්ද 3/73
- Colombo Malay CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 106 (32.0) බුද්ධික හසරංග 34, ටෙරෝන් බාස්කරන් නොදැවී 34, මල්ක මදුශංක 5/51, රවීන් පෙරේරා 2/40
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය SL Army කණ්ඩායමට)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















