Leo ක්‍රීඩකයෝ ජය වාර්තා කරයි

Tier B - 3 Day Tournament 2025/26

87

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි සතියේ 2 වැනි දිනය (14) නිමාවේ දී Kandy Customs කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Leo ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

මේ අතර නිමා වූ දිනයේ දී වාර්තා වූ එක ම ශතකයේ හිමිකාරීත්වය United Southern කණ්ඩායමේ ආරම්භක පිතිකරු ආදිත්‍ය සිර්වර්ධන සතු වුණා. ඔහු පෙර දින තරගය නතර කරන විට නොදැවී ලකුනු 20ක් ලබා සිටි එම ඉනිම නොදැවුණ ලකුණු 122ක් දක්වා රැගෙන ගියා. ඔහුගේ ඉනිම පන්දු 143කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහරක් ද එම ඉනිමකට එකතු කර තිබුණා.  

ඔහුට අමතර ව Moratuwa කණ්ඩායමේ පුබුදු බණ්ඩාර (නොදැවී 56), Sebastianites කණ්ඩායමේ උමයංග සුවාරිස් (52), United Southern කණ්ඩායමේ අදීශ නානායක්කාර (68) සහ Colombo Malay කණ්ඩායමේ බුද්ධික හසරංග (නොදැවී 90) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙණෙන මෙහෙවරක නිරත වූවා.  

පන්දු යැවීමේ දී Negombo කණ්ඩායමට එරෙහි පළමු ඉනිමේ දී ලකුණු 113කට කඩුලු 8ක් දවා ගත් SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් දෙවැනි ඉනිමේ දී ද ලකුණු 117කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 230කට කඩුලු 13ක් දවා ගන්නවා.   

ඊට අමතර අමතර ව Negombo කණ්ඩායමේ ශෙෂාන් ප්‍රමෝද් (6/40) සහ Ragama කණ්ඩායමේ කොෂාන් ජයවික්‍රම (5/59) පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වනවා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

Leo CC සහ Kandy Customs SC අතර තරගය කටුනායකගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Kandy Customs SC  

  • Kandy Customs SC –පළමු ඉනිමසියලුම දෙනා දැවී 172 (36.4) මලිඳු මදුරංග 60නඳුන් අසේල සිල්වා නොදැවී 39ගිත්මින් කොළඹගේ 6/57සෙනාශ් ප්‍රනාන්දු 3/31 
  • Leo CC –පළමු ඉනිමසියලුම දෙනා දැවී 243 (48.1) හිරුන් සිගේරා 74නෙත්ම කරුණාරත්න 30පූර්ණ කල්හාර 27සෙනාශ් ප්‍රනාන්දු 30ට්‍රිශේන් වික්‍රමසිංහ 2/47මිතුන් ජයවික්‍රම 4/86නිර්මාල් රත්නායක 2/39 
  • Kandy Customs SC –දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 161 (42.4) මලිඳු මදුරංග 24අශාන් රන්දික 27නාලක තේනුවර 26ලක්ශාන් ගමගේ 43මිතුන් ජයවික්‍රම 20විශ්ව රාජපක්ෂ 2/21ගිත්මින් කොළඹගේ 2/37මල්ශාන් ගුණසිංහ 3/72සෙනාශ් ප්‍රනාන්දු 2/20 
  • Leo CC –දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 95 (21.3)විශ්ව රාජපක්ෂ නොදැවී 25සලිඳු පතිරණ නොදැවී 24මිතුන් ජයවික්‍රම 2/44 

Leo කණ්ඩායමට කඩුලු 6ක ජයක්.   

Moratuwa SC සහ SSC අතර තරගය මොරටුවද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – SSC 

  • SSC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (88.1) ශෙවෝන් ඩැනියෙල් 45, නිපුන් ධනංජය 29, රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, දුමිඳු සෙව්මිණ 2/70, චානක රුවන්සිරි 4/97, ගයාන් සිරිසෝම 2/93 
  • MoratuwaSC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 178 (42.0) අබිශේක් ලියනාරච්චි 22, රශ්මික මෙවන් 46, පුබුදු බණ්ඩාර නොදැවී 56, චානක රුවන්සිරි නොදැවී 21, අක්මල් ෆස්ලි 2/55 

Moratuwa කණ්ඩායම ලකුණු 176ක් පිටුපසින්.  

SL Army SC සහ Sebastianites C & AC අතර තරගය පනාගොඩයුද හමුදා ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Sebastianites C & AC 

  • SL Army SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (84.4) හර්ෂජිත් රුෂාන් 135, තරිඳු ඩිලංක 25, අසේල ගුණරත්න 24, සීක්කුගේ ප්‍රසන්න 31, රත්නරාජ් තෙනුරතන් 22, ජනිත් ද සිල්වා 24, රවිඳු විජේවර්ධන නොදැවී 27, හෂාන් සංදීප 5/89, නිපුන් මෙන්ඩිස් 3/86 
  • SebastianitesC & AC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 235 (64.5) මාලිංග මලිගස්පේ 22, රුසිරු විලෝචන 30, නවිඳු නිර්මාල් 40, මනෙල්ක ද සිල්වා 28, උමයංග සුවාරිස් 52, තරුෂ ප්‍රනාන්දු 26, ලහිරු ප්‍රනාන්දු නොදැවී 26, ගයාන් චන්ද්‍රබෝස් 3/67, සීක්කුගේ ප්‍රසන්න 3/43 

Sebastianites කණ්ඩායම ලකුණු 101ක් පිටුපසින්.  

United Southern CC සහ Galle CC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී 

කාසියේ වාසිය – United Southern CC 

  • Galle CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (67.1) රමේෂ් නිමන්ත 36, අමිත් එරංග 51, සුභානු රාජපක්ෂ 26, කෙවින් කොත්තිගොඩ 41, ලිසුල ලක්ෂාන් 44, තරුෂ් දමිඳු 4/84, ධනෝෂ් ද සිල්වා 2/67, කවිඳු එදිරිවීර 4/73  
  • United Southern CC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 241 (50.5) ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 122, අදීශ නානායක්කාර 68, තමිඳු ප්‍රදීප්ත නොදැවී 43 

United Southern කණ්ඩායම ලකුණක් පිටුපසින්.  

Colombo Malay CC සහ Ragama CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Ragama CC 

  • RagamaCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (62.0) මනීෂ රූපසිංහ 113, සාහිල් ඩයස් 28, රවිඳු සෙම්බකුට්ටි 40, කෙමිර විජේනායක නොදැවී 52, උපුල් ඉන්ද්‍රසිරි 35, උෂාන් මනෝහර 2/59, වෝෂිත අමරසිංහ 2/58, නිමන් උමේෂ් 2/27, යෙසිත් රූපසිංහ 2/33 
  • Colombo Malay CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (34.4) පුලස්ති අතපත්තු 39තිමිර මල්ශාන් 33, දසිත් ගුණතිලක 2/18, උපුල් ඉන්ද්‍රසිරි 3/22, කොශාන් ජයවික්‍රම 2/30 
  • Colombo Malay CC– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 212 (51.0)සචින් ගොඩමාන්න 35, නිමන් උමේෂ් 29, බුද්ධික හසරංග නොදැවී 90, කොශාන් ජයවික්‍රම 5/59 

Colombo Malay කණඩායම ලකුණු 30 ඉදිරියෙන්.   

SL Navy SC සහ Negombo CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Negombo CC 

  • NegomboCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (77.1) කේශාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, ඩිලංක අවර්ඩ්ට් 8/113 
  • SL Navy SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (29.1සුමල්ක ප්‍රනාන්දු 39රජිත රත්නායක 23, දනුශ්ක සඳරුවන් 4/42, ශෙහාන් ප්‍රමෝද් 6/40 
  • NegomboCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 246 (50.1) කේශාන් වන්නිආරච්චි 26, උමේෂ් ලක්ෂාන් 26, දිමුත් සඳරුවන් 66, හංසජ හිරුණ 25, ශෙහාන් ප්‍රමෝද් 47, ඩිලංක අවර්ඩ්ට් 5/117, රවීන් තරිඳු 3/79 
  • SL Navy SC– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 44 (15.0)වරුණ මයන්ත නොදැවී 38, ෂෙහාන් ප්‍රමෝද් 2/07 

SL Navy SC කණ්ඩායම තවත් ලකුණු 363ක් පිටුපසින්.   

මෙම තරගය (15දා) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<