ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ 2 වැනි දිනයේ (10) දී රුසිරු විලෝචන, නිපුන් ධනංජය සහ සාහීල් ඩයස් ශතක රැස් කළා.
එහි දී දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ Sebastianites කණ්ඩායමේ රුසිරු විලෝචන. ඔහු SL Navy කණ්ඩායමට එරෙහි ව පන්දු 229කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 152ක් ලබා ගත්තා.
ඊට අමතර ව SSC කණ්ඩායමේ නිපුන් ධනංජය Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ලබා ගත් අතර Ragama කණ්ඩායමේ සාහිල් ඩයස් Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Sebastianites කණ්ඩායමේ මාලිංග මලිගස්පේ (57) සහ උමයංග සුවාරිස් (53), SL Navy කණ්ඩායමේ තෙවිඳු දික්වැල්ල (නොදැවී 54), Galle කණ්ඩායමේ රමේෂ් නිමන්ත (51), Colombo Malay කණ්ඩායමේ සචින් ගොඩමාන්න (52), Negombo කණ්ඩායමේ දිමුත් සඳරුවන් (54) සහ පසිඳු තිරිමාදුර (නොදැවී 63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී SL Army කණ්ඩායමේ ශෙහඳ සොයිසා (5/63), Colombo Malay කණ්ඩායමේ සුදාර දක්ෂිණ (5/75), Kandy Customs කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම (5/46) සහ Leo කණ්ඩායමේ මංගල ප්‍රදීප් (5/93) දක්ෂතා දැක් වූවා.
- මීගමුව තෙවැනි ජයත් ලබයි
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි/
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි
- ගයාන් සහ අදීශ දක්ෂතා දක්වයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
SL Navy SC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (62.1) ලක්ෂාන් රොද්‍රිගෝ 65, තෙවිඳු දික්වැල්ල 42, වරුණ මයන්ත 64, සුමල්ක ප්‍රනාන්දු 65, මිරංග වික්‍රමගේ 4/78, හෂාන් සංදීප 4/57
- Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (86.3) මාලිංග මලිගස්පේ 57, රුසිරු විලෝචන 152, උමයංග සුවාරිස් 53, ගිහාන් ද සිල්වා 4/125, ඩිලංක අවර්ඩ්ට් 4/30
- SL Navy SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 81 (23.0) තෙවිඳු දික්වැල්ල නොදැවී 54
SL Navy කණ්ඩායම ලකුණු 8ක් පිටුපසින්.
Galle CC සහ SL Army SC අතර තරගය කොළඹ, Moorsක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (47.1) රමේෂ් නිමන්ත 62, අමිත් එරංග 56, සුපුන් කාවිංග 25, රත්නරාජ් තෙනුරතන් 2/30, ශෙහඳ සොයිසා 5/63
- SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (50.0) අශාන් සුදර්ශන 31, තරිඳු දිලංක නොදැවී 26, රජීව වීරසිංහ 2/15
- Galle CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 196 (46.4) රමේෂ් නිමන්ත 51, රජීව වීරසිංහ 20, සුපුන් කාවින්ද 32, කෙවින් කොත්තිගොඩ 38, සුභානු රාජපක්ෂ 20, ශෙහඳ සොයිසා 5/63, රවීන් පෙරේරා 4/12
- SL Army SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 64 (18.0) ඉෂාර මෙන්ඩිස් 27, රජීව වීරසිංහ 3/08
SL Army කණ්ඩායම ජයග්‍රහණයට තවත් ලකුණු 134ක් පිටුපසින්.
Colombo Malay CC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Malay CC
- SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 357 (100.5) අවිශ්ක ප්‍රනාන්දු 74, නදීශ ආකාශ් 36, නිපුන් ධනංජය 122, ක්‍රිශාන් සංජුල 39, දිනුර කළුපහන 28, ප්‍රභාත් ජයසූරිය නොදැවී 21, සුදාර දක්ෂිණ 5/75
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (60.1) සචින් ගොඩමාන්න 52, වෝෂිත අමරසිංහ 26, නිපුන් ධනංජය 2/09, ප්‍රමෝද් මදුශාන් 3/20, ප්‍රභාත් ජයසූරිය 4/31
- Colombo Malay CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 18 (9.5)
Colombo Malay කණ්ඩායම ලකුණු 219ක් පිටුපසින්.
Kandy Customs SC සහ Ragama CC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (82.3) අශාන් රන්දික 120, ලහිරු අත්තනායක 28, ඩිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, උපුල් ඉන්ද්‍රසිරි 6/110, කසුන් කරුණාතිලක 3/59
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (72.5) සාහිල් ඩයස් 122, චානක විජේසිංහ 39, යශෝධ මෙන්ඩිස් 2/55, මිතුන් ජයවික්‍රම 5/46
- Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 15 (15.0)
Kandy Customs කණ්ඩායම ලකුණු 82ක් ඉදිරියෙන්.
Leo CC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Leo CC
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (83.1) පසිඳු තිරිමාදුර 23, කේශාන් වන්නිආරච්චි 55, උමේෂ් ලක්ෂාන් 63, දිමුතු සඳරුවන් 54, හංසජ හිරුන 32, මංගල ප්‍රදීප් 5/93, මල්ශාන් ගුණසිංහ 3/83, සෙනාශ් ප්‍රනාන්දු 2/59
- Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (46.0) අශේන් මෙන්ඩිස් 39, මංගල ප්‍රදීප් 22, හංසජ හිරුණ 3/42, අමිත සංදීප 4/30
- Negombo CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 98 (28.1) පසිඳු තිරිමාදුර නොදැවී 63, කේශාන් වන්නිආරච්චි නොදැවී 28
Negombo කණ්ඩායම ලකුණු 239ක් ඉදිරියෙන්.
මෙම තරග සියල්ල හෙට (10) 2 වැනි දිනයට ක්‍රියාත්මක වේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















