ජර්ගන් ක්ලොප් (Liverpool FC)

ක්ලොප් ඔහුගේ ක්රීඩා රටාව හරහා පළමු තරගයේ දී ම ක්රීඩාලෝලීන් හට ඉතා උද්යෝගිමත් තරගයක් ලබා දුන්නේ ‘West Ham’ කණ්ඩායමට එරෙහිව ගෝල 4-0ක ජයග්රහණයක් වාර්තා කර ගනිමිනි. අනතුරුව පැවති ‘Crystal Palace’ක්රීඩා සමාජයට එරෙහි තරගයේ දී ඔවුන් ගෝල 2-0ක ජයග්රහණයක් වාර්තා කරගත්තේ ආක්රමණශීලී මෙන්ම දැඩි ආරක්ෂාකාරී ක්රීඩා විලාශයක් ද ඔවුන්ට දියත් කළ හැකි බව විදහා දක්වමිනි.
තෙවන සතිය අවසානයේ ලිවර්පූල් පෙරමුණේ
2018-19 එංගලන්ත ප්රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තරග බොහොමයක් බලාපොරොත්තු වූ ප්රතිඵල සමඟ අවසන් වූ නමුත් තරග කිහිපයක් අවසන් වූයේ ප්රබල…
පසුගිය සති අන්තයේ දී පැවති ඔවුන්ගේ තුන්වැනි තරගයේ දී ඔවුන් සිය උපරිම දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත් ඒ වන විට ඉහළ දක්ෂතා දක්වමින් සිටි ‘Brighton’ කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරමින් මෙවර තරග වාරයේ අඛණ්ඩ තෙවැනි ජයග්රහණය ද වාර්තා කරගන්නට ඔවුහු සමත් වූහ.
ජේවි ගාර්සියා (Watford FC)

කෙසේ නමුත් ඉදිරි සතියේ දී ඔවුන්ට ප්රබල කණ්ඩායම් ද්විත්වයක් වන ‘Tottenham Hotspur’ සහ ‘Manchester United’ ක්රීඩා සමාජ සමඟ තරග කිරීමට සිදුවන අතර ඒ අනුව එහි දී ඔවුන්ගේ සැබෑ දක්ෂතා මට්ටම් දැක ගැනීමට හැකි වනු ඇත.
මෝරීසියෝ සාරි (Chelsea FC)

එහි දී ‘Huddersfiled’ ක්රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී පහසු ජයග්රහණයක් හිමිකර ගැනීමට ඔවුන් සමත් වුවත් ප්රබල ‘Arsenal’ ක්රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී ජයග්රහණය හිමිකර ගැනීම සඳහා ඔවුන්ට අවසාන මිනිත්තුව දක්වා සටන් කරන්නට සිදු විය.
අනතුරුව පසුගිය සතියේ ‘Newcastle United’ කණ්ඩායම සමඟ පැවති තරගයේ දී තරගයේ පාලනය ආරම්භයේ සිය අවසානය දක්වාම ඔවුන් සතුව තිබුනත් එහි දී ද ජයග්රහණය හිමිකර ගැනීමට ඔවුන්ට දැඩි උත්සාහයක් දරන්නට සිදු විය.
මෝරීෂියෝ පොචෙටීනෝ (Tottenham Hotspur FC)

ThePapare.com ප්රිමියර් ලීගයේ මාසයේ කළමනාකරු – ජේවි ගාර්සියා (Watford FC)
ඔබේ වැඩි කැමැත්ත කුමන කළමනාකරුට ද?
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට<<






















