වෙල්ලාලගේ හා පරණවිතානගේ පිතිකරණයෙන් ඉරණම් තීන්දුයි

857

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ  සුපිරි 8 දෙනාගේ තරග වටය නියෝජනය කරමින් අද (29) පැවති තරගවල දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සහ ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර අවසන් පූර්ව වටයේ දී ඔවුන් එකිනෙකා මුණගැසීමට නියමිතයි.

දිමුත්ගේ ජවයෙන් ගාල්ලට නව ජීවයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ ගාලු කණ්ඩායම..

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ දී ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ. මේ තරගය ලකුණු 128කින් ජයග්‍රහණ කළේ සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමයි.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුගලය වූ ජොහෑන් ද සිල්වා හා ශිවාන් රාසූල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

ලකුණු 15ක් ලබා සිටි රාසූල් දැවී ගිය පසුව පිටියට පැමිණි යෙසිත් රූපසිංහ 4 පහර 8ක් එල්ල කරමින් අගනා ලකුණු 61ක් ලබාගන්නා විට ඔහුට අනෙක් අන්තයෙන් සවියක් වූ ද සිල්වා ලකුණු 31කට දැවී ගියේය.

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 88ක් තුල ලකුණු 67යි. අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 247කට සීමා විය. පන්දු යැවීමේ දී කවිඳු පතිරත්න කඩුලු 2යි.

පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 119ක් පමණි. කමිල් මිශාර ලකුණු 34යි. ඊට අමතරව කවිඳු පතිරත්න හා අහන් වික්‍රමසිංහ ලකුණු 28 බැගින් ලබා ගත්හ.

රාජකීය විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන් ඔවුන්ගේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා ඔවුන් හට මෙම තරගයෙන් දැවැන්ත පරාජයක් අත්විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන ක්‍රීඩක වෙල්ලාලගේ කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 25ක් තුලයි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 247/7 (50): දුනිත් වෙල්ලාලගේ 67, යෙසිත් රූපසිංහ 61, ජෝහෑන් ද සිල්වා 31, කවිඳු පතිරත්න 2/44.

රාජකීය විද්‍යාලය – 119 (39): කමිල් මිශාර 34, කවිඳු පතිරත්න 28, අහන් වික්‍රමසිංහ 28, දුනිත් වෙල්ලාලගේ 5/25.


කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහින්ද විද්‍යාලය පිළිවෙළින් ආනන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය පරාජය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

මහින්ද විද්‍යාලය කඩුලු 10කින් ජය ගත් මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය, සාන්ත පීතර විදුහල් පිටියේ දී පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාලයේ මුල්පෙළ පිතිකරුවන්ව පහසුවෙන්ම සිය ග්‍රහණයට නතුකර ගත් කවීෂ මලියවඩු ඇතුළු මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමුව පන්දුවට පහර දුන් සාන්ත අන්තෝනුවන්ගේ ඉනිම ලකුණු 88කට සීමා වූ අතර සසිත හිරුදික ලකුණු 15ක් ලබා ගත්තේ ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වෙමිනි.

ලකුණු 89ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මහින්ද විද්‍යාලයේ පිතිකරුවෝ කිසිදු කඩුල්ලක් නොදැවී නියමිත ඉලක්කය සපුරා ගත් අතර එහි දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ වමතින් පිත්ත හසුරුවන නවෝද් පරණවිතාන 4 පහර 5ක් හා 6 පහර 4ක් සමඟ නොදැවී ලකුණු 50*ක් ලබා ගත්තේය. ඔහුට සහය වූ  කෞශාන් සංකේත් නොදැවී ලකුණු 36*යි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 88 (34.3): සසිත හිරුදික 15, කවීෂ මලියවඩු 3/29, චේතිය ගුණසේකර 2/04, සුභානු රාජපක්ෂ 2/15.

මහින්ද විද්‍යාලය – 91/0 (8): නවෝද් පරණවිතාන 50*, කෞශාන් සංකේත් 36*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<