පොදුරද මඬුලු කෙළිබිමේ ශ්‍රී ලාංකේය අභිමානය ඉහලටම එසවූ ඉන්දිකගේ වික්‍රමය

888

21 වැනි පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී නිමාවුණේ ශ්‍රී ලංකේය ක්‍රීඩාවේ ජාත්‍යන්තර පදක්කම් ඉඩෝරයට සැනසුම් සහගත වැස්සක් ඇදහැලෙමිනි. එහි දී ඉහළම දක්ෂතාව දැක්වූ ක්‍රීඩකයා බවට පත්වුණේ කන්ද උඩරටින් මෙරට ක්‍රීඩාවට දායාද වූ බර ඉසීලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක ය. 

ඉන්දික ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දුන්නේ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය මතකයක් සටහන් කරමිනි. එම සුපිරි දක්ෂතාව දැක්වූ ශූරයා සොයා යාමයි මේ.