ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (22) නිමා වූ තරගවල දී ගාල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළ අතර ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් 2 වැනි ජයග්‍රහණයි ඒ.
කොළඹ දකුණ සහ මහනුවර අතර තරගය
කොළඹ මැලේ ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කොළඹ දකුණ කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි. ඒ අනුව කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 87ක ජයක් හිමි වෙනවා.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මෙතුක ගුණරත්න (නායක), මෙනුර දිසානායක, ලිතුම් දේවසුරේන්ද්‍ර, මියුරු බණ්ඩාර, චෙනුක මිත්සර, රනුද රණසිංහ (කඩුලු රකින්නා), හමිඩ් අෆ්ඩාල්, නවිනු ප්‍රනාන්දු, සනුග දුල්මික, ගගන් ගමගේ සහ දෙනුවන් සතිශ්.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, උසුල උදාකර, අනුහස් ඩිල්ශාන්, සවිත විතානගේ, ඉමන්ජිත් දිසානායක, සනිරු අනුහස් (කඩුලු රකින්නා), ශෂිත් බණ්ඩාර, ශතිර දෙනුවන්, තිනුලක රාජපක්ෂ සහ තරුෂ නිමන්ත.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් මෙතුක ගුණරත්න සහ හමීඩ් අෆ්ඩාල් අර්ධ ශතක ඉනිම් එක් කිරීමට සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව නායක මෙතුක ගුණරත්න පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 82ක් ද සහ හමිඩ් අෆ්ඩාල් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව චෙනුක මිත්සර ලකුණු 26ක් ද, රනුද රණසිංහ සහ සනුග දුල්මික ලකුණු 20ක් බැගින් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ශතිර දෙනුවන් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වුණා. ඊට අමතර ව තරුෂ නිමන්ත, ශෂිත් බණ්ඩාර, තිනුලක රාජපක්ෂ, ඉමන්ජිත් දිසානායක සහ ලකිඳු මෙවුල් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉමන්ජිත් දිසානායක. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඊට අමතර ව සනිරු අනුහස් පන්දු 65ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද, සවිත විතානගේ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ ශෂිත් බණ්ඩාර පන්දු 22ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
මහනුවර ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ දවා ගැනීමට කොළඹ දකුණ පන්දු යවන්නෝ සමත් වූ අතර එහි දී දෙනුවන් සතිෂ් සහ නවිනු ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් ද සහ හමිඩ් අෆ්ඩාල් සහ ගගන් ගමගේ කඩුලු 2ක් බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 265 (47.0) මෙතුක ගුණරත්න 82, චෙනුක මිත්සර 26, රනුද රණසිංහ 20, හමිඩ් අෆ්ඩාල් 67, සනුග දුල්මික 20, සතිර දෙනුවන් 4/22
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 178 (41.4) සවිත විතානගේ 26, ඉමන්ජිත් දිසානායක 41, සනිරු අනුහස් 38, ශසිත් බණ්ඩාර 25, හමීඩ් අෆ්ඩාල් 2/33, ගගන් ගමගේ 2/35, දෙනුවන් සතිෂ් 3/20, නවිනු ප්‍රනාන්දු 3/34
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 87ක ජයක්.
- ගුරුගේ සහ විතානගේ ශ්‍රී ලංකා 40s කණ්ඩායමට ජය ගෙනේ
- දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!
- ගාල්ල සහ මහනුවර ජයග්‍රහණ වාර්තා කරයි
- දිසස් බණ්ඩාර පළමු ශතකලාභියා වෙයි
- පළාත් ක්‍රීඩකයන් 80කගේ යොවුන් අරගලය
දඹුල්ල සහ ගාල්ල අතර තරගය
කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 126ක් පමණයි. ඒ අනුව ගාල්ල වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 24ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
හිරුක අකලංක (නායක), චරණ චනුපති, හිරුන් මතීෂ, නිශිත් තේජව, දියත් සංජිත, මොහොමඩ් ශිහාබ්, ලිනුවර සත්විඳු (කඩුලු රකින්නා), ගෙසඳු බිසස්, චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක සහ කවීෂ ගයාශාන්.
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මිශික අබේවර්ධන (නායක), හිරුන් මතීෂ, සෙතුජ මන්දිනු, දියත් සංජිත, මොහොමඩ් ශිහාබ්, නිශිත තේජව ද සිල්වා, ගෙසඳු බිසස්, ලිනුවර සත්විඳු, චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක, කවීෂ ගයාශාන්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගෙසඳු බිසස්. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. ඊට අමතර ව චෙනුල් මින්ලක පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් එක් කළා.
කඩුලු දවා ගැනීමේ දී යුමාල් එගොඩගේ සහ නෙසාද් වීරසේකර කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව උදයකුමාර් ශෙනෝන් කඩුලු 2ක් ද, පබසර වනසිංහ සහ තරුක්ෂ ද සිල්වා කඩුල්ල බැගින් ද ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ අංක 10 ස්ථානයෙන් පිටියට පිවිසි පබසර වනසිංහ. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.
ඊට අමතර ව තරුක්ෂ ද සිල්වා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂ ගයාශාන් සහ ගෙසඳු බිසස් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව චෙනුල් මින්ලක කඩුලු 2ක් ද, නිශිත තේජව ද සිල්වා සහ හිරුක අකලංක කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 150 (42.3) ගෙසඳු බිසස් 48, චෙනුල් මින්ලක 38, උදයකුමාර් ශෙනෝන් 2/26, නෙසාද් වීරසේකර 3/34, යුමාල් එගොඩගේ 3/22
- කොළඹ උතුරු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 126 (35.5) තරුක්ෂ ද සිල්වා 15, පබසර වනසිංහ 51, ගෙසඳු බිසස් 3/26, කවීෂ ගයාශාන් 3/24, චෙනුල් මින්ලක 2/26
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 24ක ජයක්.
තරගාවලියේ මිළඟ තරග මේ මස 23 වැනිදා පැවැත්වෙන අතර එහි දී කොළඹ දකුණ සහ දඹුල්ල අතර තරගය කොළඹ මැලේ ක්‍රීඩා සමාජ පිටියේ දී ද, මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















