2016 ආසියා කුසලාන තරඟාවලියේ සිය පළමු තරඟයේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ මුහුණ දීමට තිබූ සෝචනීය පරාජය මඟ හරවා ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය වෙත මෙහෙයවීමට ලසිත් මාලිංග, නුවණ් කුලසේකර සහ රංගන හෙරත් විසින් ලබා ගත් කඩුළු 9 මහගු පිටිවහලක් විණි.
ඉතා පහසු ඉලක්කයක් වූ ලකුණු 130 හඹා යාම ආරම්භ කළ එක්සත් අරාබි එමීර් පිතිකරුවන්ට එය දැඩි අභියෝගාත්මක එකක් කිරීමට ප්‍රවීණ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනා සමත් වූහ. ඒ අනුව ඔවුන් ලකුණු 14 ක පරාජයක් ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක් මඟහරවා ගනිමිනි.
නියමිත පන්දු වාර ගණන අවසනයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 129 ක් පමණක් වූ අතර අවසන් පන්දු වාර 10 තුළදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 57 ක් පමණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කරමින් තිලකරත්න දිල්ෂාන් සහ ඔහුගේ නවක සහය පිතිකරු දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ලට ලකුණු 68 ක් රැස් කිරීමට සමත් විය. එහෙත් පිතිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් පිටියේ ස්වභාවය හෝ කඩුළු
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීම මද පසසුබෑමක පැවතීමට හේතු වුයේ පළමු පිතිකරුවන් යුගළය හැරුණු කොට මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීමට සමත් වූයේ තවත් පිතිකරුවන් දෙදෙනෙක් පමණක් වීමය. ඔවුන් ජයසූරිය සහ කපුගෙදරය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදි සහ අවසන් පන්දු වාරයන්හි දී ඉතාමත් හොදින් පන්දු යැවීමේ නිරත වූහ. දඟ පන්දු යවන ජාවේඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිළ විසින් ඉදිරිපත් කළ අභියෝගයක් වූ අතර ඔහු දිල්ශාන්, සිරිවර්ධන සහ චන්දිමාල් දවා ගැනීමට සමත් වුවාය.
කෙසෙවෙතත් පහසු ඉලක්කයක් බලා ගමන් ඇරඹූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජයග්‍රහණය පිළිබද පළමු පැතුම බිද වැටුණේ ආරම්භක පිතිකරු රොහාන් මුස්තාෆා පළමු බෝලයටම දැවී යාමත් සමඟිනි. ඔහු දැවී ගියේ දීර්ඝ විවේකයකින් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි ලසිත් මාලිංගගේ ශක්තිමත් පන්දුවක් හමුවේය. එම පන්දු වාරය 
ශ්‍රී ලංකාවට සිය පන්දු යැවීම පිළිබදව ඉතාමත් සතුටට පත් විය හැකි අතර ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාවෙන‍් ඇත් වී සිටි සියලු දෙනා ඉතා හොද දක්ශතාවයන් දැක්වීමටද සමත් වුණි. කෙසෙවෙතත් දුවද්දී උඩ පන්දුවක් රැකගත් මාලිංග ඉන්පසු කිසියම් ආබාධමය තත්ත්වයක් පෙන්නුම් කිරීම මදක් දුක්මුසු තත්ත්වයකි.
ශ්‍රී ලංකාව තරඟ වදිනා මීළඟ තරඟය 28 වනදා සත්කාරක බංගලාදේශය සමඟ පැවැත්වේ. මෙහිදී ද ඉතා හොද තරඟයක් බලාපොරොත්තු විය හැකි බව නොඅනුමානය.
ලකුණු සටහන
ශ්‍රී ලංකාව – 129/8 (20), දිනේෂ් චන්දිමාල් 50, ටී.ඒම්. දිල්ශාන් 27, අම්ජාඩ් ජාවේඩ් 3/25, මොහමඩ් නවීඩ් 2/27, මොහමඩ් ශාහ්සඩ් 2/27
එක්සත් අරබි එමීර් රාජ්‍යය – 115/9 (20) ස්වප්නිල් 37, ලසිත් මාලිංග 4/26, නුවණ් කුලසේකර 3/10, රංගන හේරත් 2/22
ශ්‍රී ලංකාව ළකුණු 14 කින් ජයග්‍රහණය කරන ලදී.






















