සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හෙටින් (12) ආරම්භ වන තරග 5කින් යුතු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට පෙර විමසුමයි මේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග 5ම පරාජයට පත්ව මෙම තරගාවලියට අවතීර්ණ වුවත්, පාකිස්තානය සමඟින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය කර ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව එක්දින තරගාවලියට පිවිසේ. පාකිස්තානය ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පසුව සහභාගි වන පළමු එක්දින තරගාවලිය මෙයයි.
ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!
ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ…
මුහුණට මුහුණ
වර්ෂ 1975 සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 148කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 85ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 58ක් ජයග්‍රහණය කර ඇත. තවත් තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. එසේම එක් තරගයක් ලකුණු සමව අවසන්ව ඇත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට එක්දින ක්‍රිකට් තරගාවලි 18ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 12ක ජය පාකිස්තානුවන් සතුවන විට, ශ්‍රී ලංකාව තරගාවලි 6ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත. ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්සත් අරාබි එමීර් හිදී එක්දින ක්‍රිකට් තරග 45කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 28ක් පාකිස්තානය ජයග්‍රහණය කර ඇත. තවත් තරග 16ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත, තවත් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ. අවසන් වරට 2013/14 වර්ෂයේ පැවැත්වූ එක්දින තරගාවලිය ද තරග 3-2ක් ලෙස ජයග්‍රහණය කළේ පාකිස්තානයයි.
දෙපිලේම ප්‍රහාරත්මක තරු
දිනේශ් චන්දිමාල්

මොහොමඩ් හෆීස්

ලහිරු තිරිමාන්න

හැරිස් සොහෙයිල්

සුපිරි පන්දු යවන්නන්
නුවන් ප්‍රදීප්

හසන් අලී

පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය සතුව සිටින තවත් එක් ප්‍රබල තුරුම්පුවක් වැනි හසන් අලී හොඳ පන්දු සංකලනයක් ඇති ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක් එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ ඒ බවට ප්‍රබල නිදසුනක් ද සපයමිනි. ලකුණු 4.30ක් වැනි අවම මට්ටමේ ලකුණු ලබා දීමක් එක් පන්දු වාරයකට අලීට එදිරිව ශ්‍රී ලංකා පිතිකරුවන් සටහන් කර ඇත. තවද කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය ලකුණු 14.33කි.
අකිල ධනංජය

ඉමාඩ් වසීම්
මෑත කාලය තුළ පාකිස්තානු කණ්ඩායම විසින් සොයා ගත් නවතම තරුවක් ලෙස අප කොයි කවුරුත් හඳුනන 28 හැවිරිදි ඉමාඩ් වසීම් දඟපන්දු යැවීමට උපන් හපනෙකි. වමතින් පන්දු යවන වසීම් ජාත්‍යන්තර එක්දින තරග 26ක් තුළ කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 4.64ක් පමණක් ලබා දෙමිනි. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4ක් ඩැහැගෙන ඇත.
ඩුබායි තණතීරුව පිටිය හා කාලගුණය (ඔක්තෝබර් 13 දිවා /රාත්‍රි)
ප්‍රේක්ෂකයන් 25,000කට පමණ එකවර තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ජාත්‍යන්තර එක්දින තරග 4 දෙපිළම තරග 2ක බැගින් ජයග්‍රහණය කර ඇත.
එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 25°C – 38°C පමණ උෂ්ණත්වයක් ඩුබායි අවට ප්‍රදේශය තුල තිබේ.
තණතීරුව, පිටිය හා කාලගුණය
අබුඩාබි (ඔක්තෝබර් 16 දිවා/රාත්‍රි හා ඔක්: 18 දිවා/රාත්‍රි)
ප්‍රේක්ෂකයන් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 6න් 4ක්ම ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 2ක් පමණක් ලබා දෙමිනි.
එසේම මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. දෙවන හා තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුව රැකීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට එක්දින ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 28°C – 39°C පමණ උෂ්ණත්වයක් අබුඩාබි අවට ප්‍රදේශය තුල තිබේ.
සාජා (ඔක්තෝබර් 20 දිවා/රාත්‍රි හා ඔක්: 23 දිවා/රාත්‍රි)
මෙම තණතීරුව පන්දු යවන්නන්ට සාපේක්ෂව පිතිකරුවන්ට තරමක් උචිත තණතීරුවක් ලෙස හැසිරේ. සිව්වන හා පස්වන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහරදීම වඩාත් සුදුසු වෙයි.
ප්‍රේක්ෂකයන් 16,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 35න් 12ක ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වෙද්දී පාකිස්තානය තරග 22ක් ජයග්‍රහණය කර ඇත. අමතරව එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 19°C – 35°C පමණ උෂ්ණත්වයක් සාජා අවට ප්‍රදේශය තුල ඇත.
වර්තමාන තත්ත්වය
පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පාකිස්තානුවන් දැනට (ඔක්තෝබර් 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 3885ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 5088ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 86ක් ලබා ගෙනයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.
ශ්‍රී ලංකාව ඉදිරියට; පාකිස්තානය පස්සට
ඊයේ (10) අවසන් වූ ශ්‍රී ලංකා – පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…
අවසන් නිගමනය
මෙම තරගාවලියට ඇතුළත්ව ඇති තරග සියල්ලම දිවා රාත්‍රි එක්දින තරග වේ. දෙපිලේම බහුතරයක්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. තවද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩිකාවක් වන නිසාවෙනි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය – උපුල් තරංග (නායක), දිනේශ් චන්දිමාල්, නිරෝශන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ.
පාකිස්තානු එක්දින සංචිතය – සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අහමඩ් ශෙසාඩ්, මොහොමඩ් හෆීස්, හැරිස් සොහෙයිල්, ෆකාර් ස්මාන්, ශොයිබ් මලික්, හසන් අලී, ඉමාඩ් වසීම්, ශදබ් කාන්, ෆාහීම් අස්රාෆ්, රෑමන් රාඊස්, ජුනෙයිඩ් කාන්, ඉම්මා උල් – හක්, උස්මාන් කාන් ශින්වාරි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























