2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි තරගය හෙට (11) එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී ආරම්භ වන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමඟිනි.
නායකයාගේ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කළ සයිමන්ඩ්ස්
2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන ……..
ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වන අතර එම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 137කින් පරාජයට පත්විය.
මුහුණට මුහුණ

ගෙවී ගිය ලෝක කුසලාන තරගාවලි 11 තුල ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3ක් පවත්වා තිබෙන අතර එහි තරග 3ම ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඉපැරණි තරග ඉතිහාසය තුල ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් ලබාගෙන ඇත්තේ 48.24ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු බංග්ලාදේශය සමඟින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවාගෙන ඇත.
Photos : CWC19 – Sri Lanka training session ahead of Bangladesh match
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

තමිම් ඉක්බාල්

ජාත්යන්තර එක්දින තරග 196ක් තුළ ඔහු විසින් ලකුණු 6695ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.99ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 11කින් සහ අර්ධ ශතක 46කින් ජාත්යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 21ක දී ලකුණු 645ක් ලබාගෙන තිබෙන්නේ 33.94ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් ඇතුලත්ය.
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 12ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 32.75ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ඉන්දියානුවෝ කැන්ගරුවන්ගේ සෙල්ලම් මෙල්ල කරති
පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹය හා වේගපන්දු …….
ශකීබ් අල් හසන්

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 22ක් ක්‍රීඩා කොට ලකුණු 607ක් ලබාගෙන තිබෙන නිසාවෙනි.
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 14ක දී කඩුලු 24ක් දවාගෙන තිබෙන්නේ 17.04ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
මොහොමඩ් ශයිෆුඩීන්
උස අඩි 5 අඟල් 9ක් වන වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන මොහොමඩ් ශයිෆුඩීන්, ජාත්‍යන්තර එක්දින තරග 16ක දී කඩුලු 17ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 45 කඩුලු 3ක් දවා ගැනීම එක් කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ශයිෆුඩීන් එක් පන්දුවාරයකට දල වශයෙන් 5.66ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහුගේ ශ්‍රී ලංකාවට එදිරිව තවමත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.
ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ආබාධයක්!
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ……….
සුරංග ලක්මාල්

මුස්ටෆිසුර් රහමාන්

මොහු ජාත්‍යන්තර එක්දින තරග 49ක දී කඩුලු 87ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 23.04ක් ලෙස දැක්වේ. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.03ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇ
වමතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 6/43කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 7ක දී කඩුලු 11ක් රහමාන් විසින් දවාගෙන ඇත.
>>Photos: CWC19 – Sri Lanka training session ahead of Bangladesh match<<
බ්‍රිස්ටල් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට ඉතාමත් යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 12-15 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
බංග්ලාදේශය – මෂ්රෆි මෝර්ටාසා (නායක), ශකීබ් අල් හසන්, තමිම් ඉක්බාල්, ලිට්න් ඩාස්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, සබීර් රහමාන්, මෙහෙදී හසන්, සෞම්‍ය සර්කාර්, රුබෙල් හුසෙයින්, මොහොමඩ් සයිෆුඩීන්, මොස්දක් හුසෙයින්, මුස්ටෆිසුර් රහමාන්, අබු ජයිඩ්.
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්,ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග.
බංග්ලාදේශය – මෂ්රෆි මෝර්ටාසා (නායක), ශකීබ් අල් හසන්, තමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, සබීර් රහමාන්, මෙහෙදී හසන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් සයිෆුඩීන්, මුස්ටෆිසුර් රහමාන්.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3155ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් නම් බංග්ලාදේශය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් මේ තරගය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 11 – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
- ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















