12 වැනි ලෝක කුසලානය තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන ක්‍රිකට් තරගය හෙට (4) ඇෆ්ගනිස්තානය සමඟ වේල්සයේ කාර්ඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ පසුගිය වසර සැප්තැම්බර් මාසයේ දී වන අතර එම එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 91කින් පරාජයට පත්විය.
කමිඳු සහ විශ්ව දෙදෙනාගේ අවසන් උත්සාහයත් අපතේ යයි
ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ හුබ්ලි හිදී පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගයෙන්…
2014 වසරේ සිට පැවත එන ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 3ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 2ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක් එක්දින තරගයක් ජයග්‍රහණය කර ඇත.
ගෙවී ගිය ලෝක කුසලාන තරගාවලි 11 තුල එක් වතාවක් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය එකිනෙකා මුණගැසී තිබෙන අතර එහි දී කඩුලු 4 ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර ඉපැරණි තරග ඉතිහාසයක් නොමැති නමුත් ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනයි. ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්දින තරග 2ක් ක්‍රීඩා කරමින් ලකුණු 114ක් ලබාගෙන ඇත්තේ 57.00ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ තිසර පෙරේරා විසින් වන අතර ඔහු ඇෆ්ගනිස්තානය සමඟින් එක්දින තරග 3කට සහභාගී වෙමින් කඩුලු 9ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු වන මැතිව්ස් මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 205ක දී ලකුණු 5381ක් රැස්කර ගෙන ඇත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක 37ක් සමඟ 41.71ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එසේම ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එදිරිව එක්දින ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් එහි දී ලකුණු 111ක් ලබාගෙන තිබෙන්නේ 56ක ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
නජිබුල්ලා සද්රාන්

ජාත්‍යන්තර එක්දින තරග 57ක් තුළ ඔහු විසින් ලකුණු 1321ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 30.72ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. නජිබුල්ලා එක්දින ශතකයකින් සහ අර්ධ ශතක 11කින් ජාත්‍යන්තර පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3ක දී ලකුණු 33ක් ලබාගෙන තිබෙන්නේ 11ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන වුවත් ගෙවී ගිය කාල වකවානුව තුල ඔහු ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඇත්තේ සිය පිතිකරණ දස්කම් වර්ධනය කරගනිමිනි.
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 11ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරග දෙකක් ක්‍රීඩා කර ඇත.
දකුණු අප්‍රිකාව කලින්ම ”පිස්සු කෙළින” ලකුණු
දකුණු අප්‍රිකාව සහ ලෝක කුසලාන ක්‍රිකට් අතර ඇත්තේ එතරම් මිහිරි සම්බන්ධයක් නම් නොවේ…
මොහොමඩ් ශේශාඩ්

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 22කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

වයස අවුරුදු 35ක් වන මාලිංග ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 3ක දී කඩුලු 4ක් දවාගෙන තිබෙන්නේ 32.50ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
ඇෆ්ගනිස්තාන වේගපන්දු බල ඇණිය සවිමත් කරන සවුති වයස අවුරුදු 32ක් පමණ වන සැලකිය යුතු මට්ටමක අත්දැකීම් තිබෙන, ජවසම්පන්න ක්‍රීඩකයෙකි.
මොහු එක්දින තරග 34ක දී කඩුලු 58ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.08ක් ලෙස දැක්වේ. හමීඩ් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 4.54ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 5/45කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරගයක දී කඩුලු 3ක් හමීඩ් විසින් දවාගෙන ඇත.
නුවන් ප්රදීප්

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 35ක දී කඩුලු 42ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 6.10ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
තවමත් වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැක. නවසිලන්තය සමඟ නිමා වූ තරගයේ දී ක්‍රීඩා කළ ලක්මාල් වෙනුවට හෙට පැවැත්වෙන තරගයේ දී ප්‍රදීප් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.
අපේ අභියෝගය අපේ උපරිමය ලබාගන්න එක – මහේල
2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සන්නාම තානාපතිවරයෙක්..
රශීඩ් ඛාන්

කාර්ඩිෆ් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට ඉතාමත් යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට හැකිය. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 16-21 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
ඇෆ්ගනිස්තානය – ගුලාබ්දීන් නයිබ් (නායක), මොහොමඩ් ශහ්සාඩ්, නූර් අලි සඩ්රාන්, හස්රතුල්ලා සසායි, රහමත් ෂා, අස්ගාර් ඇෆ්ගන්, හෂ්මතුල්ලා ශහිදි, නජිබුල්ලාහ් සඩ්රාන්, සමියුල්ලාහ් ශිංවරි, මොහොමඩ් නබි, රෂිඩ් ඛාන්, ධවුලත් සඩ්රාන්, අෆ්තාබ් අලාම්, හමිඩ් හසන්, මුජීබ් උර් රහමාන්.
අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, නුවන් ප්රදීප්, ලසිත් මාලිංග.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම 10 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 1961ක් සමඟ ප්‍රසාද ලකුණු 63ක් දිනා ගෙනයි. ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනා ගෙනයි.
>>Photos: CWC19 – Sri Lanka training session ahead of Afghanistan match<<
ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 4 – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්
- ජුනි 7 – පාකිස්තානය – බ්රිස්ටල්
- ජුනි 11 – බංග්ලාදේශය – බ්රිස්ටල්
- ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

























