පුහුණු තරගයේ දී චන්දිමාල්ගෙන් ශතකයක්

942

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කෙරෙන පළමු සහ එකම තෙදින පුහුණු තරගයේ පළමු දිනයේ දී (30) ශ්‍රී ලංකා පිතිකරුවෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සලිත කරමින් පිතිකරණයේ යෙදුණ අතර එහි දී දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණුන ක්‍රීඩකයා බවට පත් විය.

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් පිටියේ අපේ ක්‍රිකට් ඉතිහාසය

වසර 22ක් වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා..

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම සමඟ ට්‍රිනිඩෑඩ් හි පිහිටි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹි මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තම කණ්ඩායමට පවරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ පළමු කඩුල්ලේ සබඳතාව පළමු පන්දුවේ දී ම නිමා කිරීමට දකුණතින් වේගපන්දු යවන මියුගල් කුමින්ස් සමත් විය.

නායක දිනේෂ් චන්දිමාල් අංක 3 පිතිකරු ලෙසින් වඩාත් වගකීම් සහිතව පිටියට පිවිසි අතර ඔහු සහ කුසල් පෙරේරා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව 130ක් විය. ඔවුන්ගේ කඩුලු සබඳතාව නිමා වූයේ කුසල් පෙරේරාගේ දැවී යෑමත් සමඟිනි. කුසල් පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය.

අනතුරුව චන්දිමාල් සමඟින් එකතු වූයේ ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු හා සමඟින් ද ශතක සබඳතාවක් පිහිටුවීමට චන්දිමාල් සමත් විය. චන්දිමාල්ගේ ඉනිම ලකුණු 108ක දී නිමා වූයේ ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 244ක් සේ කියැවෙද්දී ය. සංචාරයේ පළමු ශතකලාභියා වූ චන්දිමාල් පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තේය.

මැතිව්ස් වඩාත් විශ්වාසවන්තව පන්දුවට පහර දෙමින් ලකුණු 41ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට පන්දු 110ක් වැය කර තිබූ අතර හතරේ පහර 6ක් ඊට ඇතුළත් කර තිබුණි.

යොවුන් ක්‍රීඩක රොෂේන් සිල්වාට මෙම තරගයේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණු 28ක් පමණි. එසේ වූව ද ඔහු පන්දු 52කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේය.

දිනයේ අවසාන පන්දු වාරයේ දී කඩුල්ල මුවා කිරීමේ දී වරදට හසුවු දිල්රුවන් පෙරේරා ලකුණු 17කට දැවී ගිය අතර මේ වෙද්දී කඩුල්ලේ නොදැවී රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 26ක් ලබා සිටින්නේය.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ජොමෙල් වැරිකන් ලකුණු 67කට කඩුලු 2ක් ද, දකුණතින් පිට දඟපන්දු යවන රාකීම් කොන්වෝල් ලකුණු 88කට කඩුලු 2ක් ද දවා ගත්හ.

තරගය අද (31) දිනටත් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම..

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 318 (89.1): දිනේෂ් චන්දිමාල් 108, කුසල් ජනිත් පෙරේරා 65, ඇන්ජලෝ මැතිව්ස් 41, රොෂේන් සිල්වා 28, නිරෝෂන් දික්වැල්ල නොදැවී 26, ජොමෙල් වැරිකන් 2/67, රාකීම් කෝර්න්වෝල් 2/88

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<