සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (20) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
ටෙස්ට් තරගාවලියේ දී 3-0ක් ලෙස අමිහිරි පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුමකර දීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ, මෙම තරගාවලියට ඔවුන්ට අවශ්‍ය කායික හා මානසික ශක්තිය උපරිමයෙන් ලබා ගනිමිනි.
හෙට ආරම්භ වන මෙම තරගය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කළහොත් ඒ ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 200 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය වනු ඇති අතර, එසේම ඔහු එක්දින ජාත්‍යන්තර කඩුලු 300 පෙනෙන මානයේ සිටීම ද වැදගත් හේතුවකි.
පැහැබර අනාගතයකට නම්
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අනිද්දා…
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 156ක දී එකිනෙකා මුණගැසී ඇති අතර, එයින් තරග 83ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 55ක් පමණි. තවද තවත් තරග 17ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
දෙපිලේම ප්‍රහාරාත්මක තරු
උපුල් තරංග

තරංගගේ ඉනිම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 14ක් අර්ධ ශතක 34ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 29.60ක පමණ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත.
විරාත් කෝලි

ඇන්ජලෝ මැතිව්ස්

ශිකර් ධවාන්

ප්‍රබල පන්දු යවන්නන්
ලසිත් මාලිංග

බුවනේස්වර් කුමාර්

මාලින්ද පුෂ්පකුමාර

20.10ක් වැනි කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත මලින්ද පන්දුව පහසුවෙන්ම පන්දුව දඟ කැවීමට උපන් හපනෙකි. එසේම මොහුට පිතිකරණයෙන් ද යම් කාර්යභාරයක් කිරීමට හැකි ක්‍රීඩකයෙකි. රංගන හේරත් එක්දින ක්‍රිකට් පිටියට සමුදී ඇති නිසා හේරත් වෙනුවට මලින්ද ඉතාමත් හොඳ ආදේශයකි.
ජාස්ප්‍රිට් බුම්රා

ලකුණු 22කට කඩුලු 4ක් දවා ගැනීම එක් තරගයක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් කර ඇති බුම්රා ඉතාමත් අගනා පන්දු සංකලනයක් උපයෝගී කරගෙන පිතිකරුවන් දමනය කිරීමට උපන් හපනෙකි. මේ ක්‍රීඩකයාගේ පන්දු හමුවේ ජාත්‍යන්තර තලයේ පිතිකරුවන් එක පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.92ක් පමණ ලබාගෙන ඇත.
රංගිරි දඹුලු තණතීරුව, පිටිය හා කාලගුණික තත්ත්වය
මෙම ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 11ක දී එකිනෙකා හමු වී ඇත. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කර ඇති අතර, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 4ක් පමණි.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට, ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 24-28ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇතිවිය හැකි අතර, 27°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ඉන්දීය කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (අගෝස්තු 17) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 4760ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 88ක් ලබා ගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් තෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4579ක් හා ප්‍රසාද ලකුණු 114ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
ඉන්දීය කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන කළ පෙරමුණේ පසු වුවද, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් මෙම තරගය බොහෝ දුරට ඉතාමත් තියුණු තරගයකින් පසුව අවසන් වීමට ඉඩකඩ තිබේ.
පළමු තරගය සඳහා අපේක්ෂිත කණ්ඩායම
ශ්‍රී ලංකාව – උපුල් තරංග (නායක), ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලසිත් මාලිංග, දුශ්මන්ත චමීර.
ඉන්දියාව – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, අජින්කයා රහනේ, මහේන්ද්‍ර සිං දෝනි, හාර්ඩ්ක් පාන්ඩ්‍යා, කේදර් ජාදෙව්, කුලදීප් යාදෙව්, බුවනේස්වර් කුමාර්, ජාස්ප්‍රිට් බුම්රා.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට





















