ශ්‍රී ලංකා යෞවනයෝ පිති මුවහත් කර ගනිති

1000
Sri Lanka U19 vs Bangladesh U19

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ දී පැවැත්වෙන නිල නොවන සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17) දිනයේ දී ක්‍රීඩා කිරීමට තරම් උචිත ආලෝක තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් තරගය නිමා කර දමන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබා සිටියි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා දුන් ලකුණු 309ක ඉලක්කය අභිබවා යෑම සඳහා සත්කාරකයින්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 244ක් වන අතර ඒ සඳහා කඩුලු 9ක්ම ඉතිරිව තිබේ.

යොවුන් ගැටුමේ දී බංග්ලාදේශයෙන් ප්‍රබල ආරම්භයක්

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් අද (16) ඇරඹි..

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි කඩුල්ල සඳහා එක්ව සිටින නවෝද් පරණවිතාන ලකුණු 35ක් ද, නායක නිපුන් ධනංජය ලකුණු 05ක් ද ලබා තරගයේ තෙවැනි දිනය වන හෙට (18) දිනයේ ද පන්දුවට පහර දීමේ සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා වූයේ කමිල් මිශාර වන අතර ඔහු ලකුණු 19ක් රැස්කර ගත්තේය. දැවී යෑමට ප්‍රථම නවෝද් පරණවිතාන සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් රැස් කරමින් බංග්ලාදේශයට නොදෙවෙනි සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය.

ටවුහිඩ් රිඩෝයිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මිශාරගේ වටිනා ඉනිම මුහුණ දුන් 58 වැනි පන්දුවේ දී නිමා වන විට තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් වර්ණවත් කරගෙන සිටියේය.

කඩුලු 3කට ලකුණු 209ක්ව තිබිය දී දෙවැනි දින ඇරඹුව ද ලකුණු පුවරුවට තවත් ලකුණු 100ක් එක් වන අතරතුර බංග්ලාදේශ ඉනිම සීමා කිරීමට චමිඳු විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

අද දිනයේ දී ද තරගය පෙ.ව. 9.45ට ආරම්භ කිරීමට නියමිත වුවත් ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප.ව. 1 දක්වා ප්‍රමාද විය. ඒ අනුව පන්දුවට පිති ප්‍රහාරය දියත් කළ බංග්ලාදේශ ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ වාර්තා වීමට ප්‍රථම ශමීම් පත්වරිව දවා ගත් අෂේන් ඩැනියෙල් වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට හරවා දුන්නේය.

යළිත් ක්‍රියාත්මක වූ රොහාන් සංජය එතෙක් කලක් ශ්‍රී ලංකා පිලට හිසරදයක්ව සිටි නායක රිඩෝයිගේ කඩුල්ල දවා ගන්නා විටත් ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 213ක් ලෙසින් සටහන් විය. අද දිනයේ දී සිදු වූ සුවිශේෂීතම සිදුවීම වූයේ පළමු දිනයේ දී හොඳින්ම පන්දුවට පහර දුන් රිඩෝයි සහ පත්වරීට එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙර දැවී යෑමයි.

ලොකු කුසල්ගේ අඩුව පුරවන්න පොඩි කුසල් පිටියට

වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා කලව…

සිය ප්‍රබලයන් දැවී ගිය ද සටන අත්නොහළ අමිත් හසන් සිය අන්තය ආරක්ෂා කරගනිමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 300න් එපිටට රැගෙන යෑමේ පුරෝගාමියා බවට පත්විය. ඔහු හා ඉනිමේ අවසන් පිතිකරුවා බවට පත්වූ ශහීම් අලාම් සමඟ අවසන් කඩුල්ල සඳහා එක් කළ ලකුණු 27 නොවන්නට බංග්ලාදේශ ඉනිම මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වනු නියතය. නායක රිඩෝයිට අමතරව අර්ධ ශතකයකින් සිය ඉනිම සරසා ගත් අමිත් හසන් ලකුණු 64ක් ලබා ගත්තේය. පන්දු 99කට මුහුණ දුන් අමිත් තම ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් කර තිබුණි.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු චමිඳු විජේසිංහ ලකුණු 68කට ප්‍රතිවාදී පිලේ කඩුලු 4ක් දවා ගත් අතර රොහාන් සංජය (70/2), සඳුන් මෙන්ඩිස් 69/2) සහ අෂේන් ඩැනියෙල් (64/2) කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ. හෙට තරගයේ තෙවැනි දිනය වන අතර තරගය පෙ.ව. 9.45ට ආරම්භ වීමට නියමිතව තිබේ.  දිනයේ සවිස්තර වාර්තාව සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

බංග්ලාදේශ යොවුන් කන්ඩායම පළමු ඉනිම පන්දුවාර 96.1ක දී සියලු දෙනා දැවී ලකුණු 309යි: අමිත් හසන් 64, ටවුහිඩ් රිඩෝයි 54, ශමීම් පත්වරී 43, ටන්සිඩ් හසන් 42, නව්රෝස් නබිල් 45, හසන් ජෝයි 19, අක්බර් අලී 17, චමිඳු විජේසිංහ 68/4, අෂේන් ඩැනියෙල් 64/2, රොහාන් සංජය 70/2, සඳුන් මෙන්ඩිස් 69/2

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 26ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 65: නවෝද් පරණවිතාන 35*, කමිල් මිශාර 19*, ටව්හිඩ් රිඩෝයි 07/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<