ඉන්දියාවේ ඩකා නුවර දි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් පුර්ව තරඟයේදි ඉන්දියාවට ලකුණු 97ක දැවැන්ත ජයක් හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දිම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවි ලකුණු 267ක් රැස් කළේය. එහිදි විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඒ. සිංග් පන්දු 92කදි අගනා ලකුණු 72ක් රැස් කළේය. ඔහුගේ ඉණිමට හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඔහු සමගින් එක් වු එස්.එන් ඛාන් 02වන කඩුල්ල සදහා ලකුණු 100 සබදතාවක් ගොඩනැගු අතර එස්.එන් ඛාන් ලකුණු 59ක් රැස් කළේය. ඩබ්ලිව්.සුන්දර් ලකුණු 43ක් රැස් කළ අතර ඒ. ජේෆර් ලකුණු 29යි. පන්දු යැවිමේදි ඒ.එම් ප්‍රනාන්දු ලකුණු 43කට කඩුළු 04ක් දවාගත් අතර සි.එස් කුමාර සහ එස්. නිමේෂ් අතරේ කඩුළු 02ක බැගින් බෙදි ගියේය.






















