ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (03) පැවැත් පළමු තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.
Harare නුවර දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා. ඒ ඉනිම අවසන් වීමට තවත් පන්දු 5ක් ඉතිරි ව තිබියදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර.
සිම්බාබ්වේ කණ්ඩායම
Sikandar Raza (නායක), Brian Bennett, Tadiwanashe Marumani (කඩුලු රකින්නා), Sean Williams, Ryan Burl, Tashinga Musekiwa, Tony Munyonga, Brad Evans, Tinotenda Maposa, Richard Ngarava, Blessing Muzarabani.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු වූ Brian Bennett. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 81ක්ල බා ගත්තා.
ඔහු 4 වැනි කඩුල්ල වෙනුවෙන් Ryan Burl සමඟ එක් වෙමින් පන්දු 35ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කරනවා. එහි දී Ryan Burl පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.
ඊට අමතර නායක Sikandar Raza පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඔහු සමඟ Brian Bennett 3 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දුශාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාව 2 වැනි තරගය ජය ගනී
- Siraj වැරදි නිවැරදි කරයි; ඉන්දියාවට තියුණු ජයක්
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- අගනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක් ව පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් එක් කරනවා.
එහි දී පැතුම් නිස්සංක පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා. අනතුරු ව තවත් ලකුණු 6ක් එක් වෙද්දී කුසල් මෙන්ඩිස් ද දැවී ගියා. එහි දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
අනතුරු ව ලකුණු 23ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වාසිය තමන් වෙත හරවා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහෙත් ඒ සංදර්ශනය නතර කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූවා.
කමිඳු මෙන්ඩිස් තරගය ජයග්‍රහණය කරද්දී පන්දු 16කට මුහුණු දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා. ඔහුත් සමඟින් අනෙක් අන්තයේ නොදැවී පිටියේ රැඳී සිටි දුශාන් හේමන්ත පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Richard Ngarava ලකුණු 19කට කඩුලු 2ක දවා ගනිමින් ඉනිමේ වැඩි ම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව Richard Ngarava, Blessing Muzarabani සහ Tinotenda Maposa කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සිම්බාබ්වේ – කඩුලු 7ක් දැවී 175 (20.0)Brian Bennett81, Sikandar Raza 28, දුෂ්මන්ත චමීර 3/30
- ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී 177 (19.1)පැතුම් නිස්සංක 55, කුසල් මෙන්ඩිස් 38, කමිඳු මෙන්ඩිස් නොදැවී 41, Richard Ngarava2/19
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Brian Bennett | b Dushmantha Chameera | 81 | 57 | 12 | 0 | 142.11 |
Tadiwanashe Marumani | c Nuwanidu Fernando b Dushmantha Chameera | 7 | 7 | 1 | 0 | 100.00 |
Sean Williams | lbw b Mahesh Theekshana | 14 | 11 | 2 | 0 | 127.27 |
Sikandar Raza | c Pathum Nissanka b Dushan Hemantha | 28 | 22 | 2 | 1 | 127.27 |
Ryan Burl | b Dushmantha Chameera | 17 | 15 | 1 | 0 | 113.33 |
Tashinga Musekiwa | c Kamindu Mendis b Nuwan Thushara | 11 | 6 | 2 | 0 | 183.33 |
Tony Munyonga | run out (Kamindu Mendis) | 0 | 0 | 0 | 0 | 0.00 |
Brad Evans | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Tinotenda Maposa | not out | 2 | 1 | 0 | 0 | 200.00 |
Extras | 15 (b 1 , lb 2 , nb 0, w 12, pen 0) |
Total | 175/7 (20 Overs, RR: 8.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Thushara | 4 | 0 | 47 | 1 | 11.75 | |
Maheesh Theekshana | 4 | 0 | 38 | 2 | 9.50 | |
Dushmantha Chameera | 4 | 0 | 30 | 3 | 7.50 | |
Dushan Hemantha | 4 | 0 | 28 | 1 | 7.00 | |
Kamindu Mendis | 2 | 0 | 15 | 0 | 7.50 | |
Dasun Shanaka | 2 | 0 | 14 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Tadiwanashe Marumani b Tinotenda Maposa | 55 | 32 | 4 | 2 | 171.88 |
Kusal Mendis | c Tinotenda Maposa b Richard Ngarava | 38 | 35 | 4 | 0 | 108.57 |
Kusal Perera | c Brian Bennett b Richard Ngarava | 4 | 8 | 0 | 0 | 50.00 |
Nuwanidu Fernando | c Sikandar Raza b Blessing Muzarabani | 7 | 9 | 0 | 0 | 77.78 |
Charith Asalanka | c Timycen Maruma b Sikandar Raza | 1 | 2 | 0 | 0 | 50.00 |
Kamindu Mendis | not out | 41 | 16 | 1 | 4 | 256.25 |
Dasun Shanaka | c Tony Munyonga b Brad Evans | 6 | 6 | 0 | 0 | 100.00 |
Dushan Hemantha | not out | 14 | 9 | 2 | 0 | 155.56 |
Extras | 11 (b 3 , lb 4 , nb 2, w 2, pen 0) |
Total | 177/6 (19.1 Overs, RR: 9.23) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Richard Ngarava | 4 | 0 | 19 | 2 | 4.75 | |
Blessing Muzarabani | 3.1 | 0 | 41 | 1 | 13.23 | |
Tinotenda Maposa | 4 | 0 | 47 | 1 | 11.75 | |
Brad Evans | 3 | 0 | 30 | 1 | 10.00 | |
Sikandar Raza | 4 | 0 | 26 | 1 | 6.50 | |
Sean Williams | 1 | 0 | 7 | 0 | 7.00 |
- තරගයේ වීරයා – කමිඳු මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 06 වැනිදා Harare නුවර දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.