සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (1) කැන්බරා හි මනුකා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස නම් කෙරේ
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ටෙස්ට් …..
මුහුණට මුහුණ

ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායකත්වය දරණ ඔහු ජාත්‍යන්තර පන්දු යවන්නන් හමුවේ ශතක 8ක් සහ අර්ධ ශතක 21ක් ලබාගෙන ඇත. එසේම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 208ක් ලබාගෙන ඇත්තේ තරග 7කට පමණක් සහභාගී වෙමින්. ඒ අතරට එක් අර්ධ ශතකයක් ඇතුළත්.
තිසරගේ කලකිරීම ගැන ක්‍රිකට් CEOට ලියුමක්
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා …
උස්මාන් කවාජා

කවාජා ටෙස්ට් ශතක 7කින් සහ අර්ධ ශතක 14කින් ජාත්‍යන්තර පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 174ක් ලබාගෙන සිටින ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 5ක දී ලකුණු 126ක් ලබාගෙන තිබෙන්නේ 21කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
නිරෝෂන් දික්වැල්ල

ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාව ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද දික්වැල්ලව හඳුන්වා දීමට හැකිය.
මැට් රෙන්ශෝ

වමතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මොහුට වරම් ලැබී නොමැත.
>>Photos: Sri Lanka Practices ahead of 2nd Test Match in Canberra<<
ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 55ක දී කඩුලු 132 දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.16ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 45.30ක්.
පැට් කමින්ස්

ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය සවිමත් කරන කමින්ස් වයස අවුරුදු 25ක් පමණ වන අත්දැකීම් බහුල ජවසම්පන්න ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර ටෙස්ට් තරග 19ක දී කඩුලු 90ක් දවා ගැනීමට සමත් වී ඇති ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.47ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක දැක්වේ.
කමින්ස් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් 2.84ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් ඉනිමක හොඳම ටෙස්ට් පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 23කට කඩුලු 6ක් ලෙසයි.
කසුන් රාජිත

රාජිත ජාත්‍යන්තර ටෙස්ට් තරග 14ක දී කඩුලු 49ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.96ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 21ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන්.
නේතන් ලයන්

මනුකා ඕවල් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය

දිවා ටෙස්ට් තරගයක් වන මේ තරගයේ දී කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 14 – 27 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 29°C – 37°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි.
වර්තමාන තත්ත්වය
ඕස්ට්‍රේලියා කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ඕස්ට්‍රේලියාව දැනට (ජනවාරි 23) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 4143ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 101ක් ද සමඟයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4103ක් හා ප්‍රසාද ලකුණු 91ක් සමඟිනි.
අවසන් නිගමනය
මේ වන විට තරග 1-0ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර, තරග ඉතිහාසය දෙස බැලීමේ දී ද සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය.
දෙපිලේ අවසන් ටෙස්ට් තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, L, D, L, L
- ඕස්ට්‍රේලියාව – W, D, L, W, L
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන්, L – පරාජයන්, D – ජය පරාජයෙන් තොර)
දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු.
ඕස්ට්‍රේලියාව – ටිම් පේන් (නායක), මාර්කස් හැරිස්, උස්මාන් කවාජා, කර්ටිස් පැටර්සන්, මැට් රෙන්ශෝ, ජෝ බර්න්ස්, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, නේතන් ලයන්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්
ටෙස්ට් තරග කාලසටහන
- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – ජනවාරි 24 – 28 – බ්‍රිස්බේන් හිදී (දිවා/රාත්‍රි) (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට)
- දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 1 සිට 5 දක්වා – කැන්බරා හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.00ට)
තරගාවලියේ සියලුම තොරතුරු, තරග වාර්තා, එසැණ පුවත්, තරග සේයා රූ හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















