කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ඉන්දීය කණ්ඩායම මේ මස අග දී ලංකාවට

මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා එක් විස්සයි-20 තරගයක් ඇතුළත්ව ඇත. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවන ස්ථානයේ පසුවන අතර, ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවෙයි. ප්‍රතිවාදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වැනි ස්ථානයේ සිටින අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා හා ඉන්දීය තරග කාලසටහන නිකුත් වෙයි
අර්ජුනගෙන් දෝස්මුරයක්
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට දිනේෂ් චන්දිමාල් නම් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා වෙත දෝෂාරෝපණයක් එල්ල කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග Cricbuzz වෙත අදහස් දක්වා තිබේ.
සිම්බාබ්වේ තරගාවලිය ඇරඹෙන්නට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කළ පරිදි තෙවන එක්දින තරගයෙන් පසුව දිනේෂ් චන්දිමාල් ගැන සලකා බැලීමක් සිදුනොවීය.
“මහේලටයි සංගක්කාරටයි පසුව මම දැකපු හොඳම පිතිකරුවන් තමයි තිරිමාන්න සහ චන්දිමාල්. තේරීම් කමිටුව මේ වෙනකොටත් ඉන් එක්කෙනෙක් විනාශ කරලා ඉවරයි වගේම අනිත් කෙනාවත් විනාශ කරන වැඩේට අතගහලා තියෙනවා. මං ඔවුන්ට කියන්න කැමතියි උපතින් ගේන හැකියාව මරාදමන්න එපා කියලා.අපිට අපහසුතා ඇතිවෙලා තියෙන්නේ අපි අපේ දක්ෂතාවයන් හොඳින් කළමණාකරණය නොකරන නිසයි.” Cricbuzz වෙත අදහස් දක්වමින් අර්ජුන කියා තිබිණි.
සම්පූර්ණ වාර්තාව: අර්ජුනගෙන් සනත්ට දෝෂාරෝපණයක්
…………………………………………………………දිනයක අවසානය……………………………………………………………………
>>අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්<<






















