කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
ලහිරු කුමාර කොදෙව් කඩුලු 3කට වගකියයි

වේගපන්දු යවන්නන්ගේ නිජ භූමියක් වන කොදෙව් පිටියේ ඊයේ දිනයේ වඩාත් කතා බහට ලක්වූ ක්‍රීඩකයා වූයේ දකුණතින් වේගපන්දු යවන 21 වියැති ලහිරු කුමාර ය. මන්දගාමි ලකුණු පුවරුවක් සෑම අවස්ථාවකම නිර්මාණය වූ කොදෙව් ඉනිම මේ තරමින් පාලනය කිරීමට ඔහු සේ ම අනෙකුත් වේගපන්දු යවන්නන් ද දඟපන්දු යවන්නෝ ද සමත් වීම කැපී පෙණුනි.
සම්පූර්ණ වාර්තාව: ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි
සාන්ත පීතරයින්ට නොසිතූ පරාජයක්

තියුණු තරගයකින් අනතුරුව අවසාන මිනිත්තුවේ වාර්තා වූ ගෝලයකින් සත්කාරක බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින් ගෝල 4-3ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට අල්-ආක්ෂා ක්‍රීඩකයින් සමත් විය.
සම්පූර්ණ වාර්තාව: අල්-අක්ෂා ක්‍රීඩකයින් හමුවේ පීතරයින්ට තියුණු පරාජයක්
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්




















