කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
අවිශ්කගෙන් ද්විත්ව ශතකයක්

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දුගේ ද්විත්ව ශතකයට අමතරව ඊයේ දවසේ දී මෙම තරගාවලිය වෙනුවෙන් ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි. ඒ අනුව කෝලට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ (142) එන්. සී. සී. කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා (156*) යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ හිමාෂ ලියනගේ (116) සහ ඩිල්ෂාන් ද සොයිසා (101) මෙසේ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්විය.
සම්පූර්ණ වාර්තාව: අවිශ්ක ප්‍රනාන්දුත් ද්විත්ව ශතක සමාජයට
දිමුත්ට පිටරට කණ්ඩායමකින් ආරාධනාවක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්න එංගලන්තයේ හෑම්ෂයර් කවුන්ටි ක්‍රිකට් සමාජය සමඟ එක්කාසු වී සිව්දින ක්‍රිකට් තරගාවලියක් හා එක්දින ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිය එකඟතාවය පළ කර තිබේ.
ගෙවුණු වසරේ ටෙස්ට් ඉනිම 17කට ක්‍රීඩා කළ වමත් පිතිකරු දිමුත් කරුණාරත්න එහි දී ලකුණු 743ක් රැස්කරගෙන ඇත්තේ අර්ධ ශතක 7ක් සහ එක් ශතකයක් සමඟයි. එහි දී ඔහු තම ලකුණු සාමාන්‍යය 46.43ක් ලෙස සටහන් කරගෙන ඇත්තේ 2012 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අවතීර්ණ වීමෙන් පසු වසරක් තුල දී ලැබූ හොඳම ලකුණු සාමාන්‍යය ලෙසයි. ICCය විසින්ම යාවත්කාලීන කරනු ලබන ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ද දිමුත් 9 වන ස්ථානයේ රැඳී සිටියි.
සම්පූර්ණ වාර්තාව: විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!
සුරංග ලක්මාල්ට විවේකයක්

දෙවන ටෙස්ට් තරගයට ප්රථම පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කර සිටියේ තවමත් ලක්මාල්ගේ තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු ක්‍රීඩා කරන හෝ නොකරන බව තවමත් තීරණය කර නොමැති බවයි. කෙසේ නමුත් ඔහු අද තරග සඳහා ක්‍රීඩා කළේ නැත.
සම්පූර්ණ වාර්තාව: දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?























