කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
කොළඹට සහ ගාල්ලට ජයග්‍රහණ

තවද ඊයේ පැවති දෙවැනි තරගයේ දී ගාලු කණ්ඩායම ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වූයේ මහනුවර කණ්ඩායමයි.
සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ ජවයෙන් ගාල්ලට නව ජීවයක්
රග්බි –
ජ’පුර සහ කොළඹ සිසුන්ගේ අරගලයෙන් කැලණි සබර පරාදයි

දිනයේ පළමු තරගය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා කැලණිය විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර තියුණු තරගයකට පසු ලකුණු 12-13ක් ලෙස එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට කැළණිය විශ්ව විද්‍යාලය සමත් වුනා.
දෙවන තරගයේ දී කොළඹ විශ්ව විද්‍යාලය හා සබරගමුව විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දැඩි ප්‍රහාරය හමුවේ ලකුණු 55-03ක් ලෙස පරාජය වන්නට සබරගමුව කණ්ඩායම සිදු වුනා.






















