කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්

ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඹා යා හැකි තරමේ ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු කණ්ඩායම සීමා කළ ද ශ්‍රී ලංකා මැදපෙළ කඩා වැටීම මෙම නොසිතූ පරාජයට ඉනිමං බඳින ලදි. ඊයේ තරගය පුරාවට බාබර් අසාම් සහ උපුල් තරංග පිත්තෙන් දැක්වූ දක්ෂතා මෙන්ම යොවුන් ක්‍රීඩක ශදාබ් කාන් තුන් ඉරියව්වෙන්ම පෑ හපන්කම් කැපී පෙනුණි
පාකිස්තානය – කඩුලු 9ක් දැවී ලකුණු 219 (පන්දුවාර 50): බාබර් අසාම් 101, ශදාබ් කාන් 52*, ෆකාර් සමාන් 11, ශොයිබ් මලික් 11, ඉමාඩ් වසීම් 10, ලහිරු ගමගේ 4/57, තිසර පෙරේරා 2/34, සුරංග ලක්මාල් 1/42.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 48): උපුල් තරංග 112*, ජෙෆ්රි වැන්ඩර්සේ 22, ලහිරු තිරිමාන්න 12, කුසල් මෙන්ඩිස් 10, ශදාබ් කාන් 3/47, ශොයිබ් මලික් 1/17.
සම්පූර්ණ වාර්තාව: තරංගගේ ශතකය අපතේ හරිමින් ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!
පාකිස්තාන විස්සයි විස්සට ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පාකිස්තානු රජය හා පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය මාස දෙක පුරාවටම පාකිස්තානය හා ඒ අවට ප්‍රදේශයන්හි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කරන ලදි. එසේම ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පසුගිය දා ලෝක ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර ද ක්‍රිකට් තරගාවලියක් සාර්ථකව පැවැත්වූ අතර, එහි දී ක්‍රියාත්මක වූ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සිය ප්‍රසාදය පළකොට තිබුණි.
සම්පූර්ණ වාර්තාව: ලාහෝර් නුවර පැවැත්වෙන 20-20 තරඟයට ශ්‍රී ලංකාව සූදානම්
පාසල් ක්‍රිකට් පිටියේ තරු දස්කම් දක්වති

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 78/10 (42.5): දිනුක ලක්මාල් 4/05, රවිඳු සංජන 3/28, හරීන් බුද්ධිල 2/21.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 88/8 (52): සන්තුෂ් ගුණතිලක 3/18, මොහොමඩ් අමීන් 2/22.
ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 144/8 (59): කුශංක පීරිස් 50, අවිශ්ක හසරින්ද 40, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 5/50.
සහිරා විද්‍යාලය පළමු ඉනිම – 67/10 (31.2): යසිත් නිර්මාල් 21, අමිත් දාබරේ 4/13, විමුක්ති කුලතුංග 3/16.
ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 128/10 (45.1): කවීන් පීරිස් 56, විමුක්ති කුලතුංග 43, මොහොමඩ් ඩිල්හාන් 4/22, රිත්මික නිමේෂ් 2/21.
සහිරා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 21/2 (15):
සම්පූර්ණ වාර්තාව: කවීන් හා විමුක්ති ලුම්බිණි ඉනිම සවිමත් කරයි





















