කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඉසිපතනයට ඉනිමක ජයක්

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 204/10 (62.5): සන්තුෂ් ගුණතිලක 48, ශාලිත් ප්‍රනාන්දු 30, සුලක්ෂණ ප්‍රනාන්දු 26, දිනිත් අංජුල 25, මදුශික සඳරුවන් 4/57, අනූපමප හේරත් 3/8, ලහිරු ඩිල්ශාන් 3/35.
ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 341/8 dec (79.2): සංජුල අබේවික්‍රම 150*, ලෙෂාන් අමරසිංහ 58, ලහිරු ඩිල්ශාන් 32, තෙවිඳු දම්සර 27, මොහොමඩ් අමීන් 3/96, රුවින් සෙනෙවිරත්න 2/58, සචින් සිල්වා 2/78.
සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉනිම – 139/2 (47): ශාලිත් ප්‍රනාන්දු 67, සන්තුෂ් ගුණතිලක 59, අයන සිරිවර්ධන 1/19, මදුශික සඳරුවන් 1/27.
සම්පූර්ණ වාර්තාව: සංජුලගේ වික්‍රමයෙන් ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්
වෙළඳසේවා ක්‍රිකට් පිටිය උණුසුම්

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 149 (20): භානුක රාජපක්ෂ 69, මධුක ලියනපතිරණගේ 23, ටී.එම්. සම්පත් 4/34, ෆර්වීස් මහරූෆ් 2/22
MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 2ක් දැවී 150 (17): ටී.එම්. සම්පත් 81, ෆර්වීස් මහරූෆ් නොදැවී 52
ඩීමෝ ලංකා කණ්ඩායම; කඩුලු 6ක් දැවී 182 (20): හෂාන් දුමිඳු 50, තික්ෂිල ද සිල්වා 66, සම්මු අශාන් 28, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20, ඇන්ඩි සොලමන්ස් 2/38, හර්ෂ රාජපක්ෂ 2/17
හේලීස් සමාගම් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 159 (20): රොන් චන්ද්‍රගුප්ත 48, චානක රුවන්සිරි 19, නිමේෂ ගුණතිලක 22, තික්ෂිල ද සිල්වා 18/2
සම්පූර්ණ වාර්තාව: ටී. එම්. සහ මහරූෆ් නිසා MAS යුනිචෙලා නැවත හිස ඔසවයි
සුරංගගේ දස්කම් මැද පළමු දිනය නිමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය, අයහපත් කාලගුණික තත්වය නිසා නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.
කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් පිටියට ඊයේ (15) සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු දිනය ආරම්භ වූයේ පැය 4ක පමණ ප්‍රමාදයකට පසුවයි. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ, පාකිස්තානු ටෙස්ට් ජයග්‍රහණයට පසුව මෙම තරගාවලිය සඳහා ඉතාමත් හොඳ මානසිකත්වයකින් අවතීර්ණ වන බවයි.
සම්පූර්ණ වාර්තාව: සුරංග ලක්මාල්ගේ පන්දු යැවීමෙන් ප්‍රේක්ෂකයෝ අන්දමන් වෙති





















