කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සුරංග සුපිරි පන්දු යැවීමක
කෝඩුකාරයන් දෙදෙනෙක්, කණ්ඩායම් දෙකටම කෝඩුකාර ක්‍රීඩාංගණයක යෙදුණ ද්වන්ද කඩුලු-පන්දු තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (10) ඉන්දියාවේ ධරම්සාලා ක්‍රීඩාංගණයේ දී සමත් වූහ.
එය දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයයි.
ඉන්දියාව; සියලුම දෙනා දැවී 112 (38.2): මහේන්ද්‍ර සිං දොනි 65, කුල්දීප් යාදේව් 19, සුරංග ලක්මාල් 4/13, නුවන් ප්‍රදීප් 2/37
ශ්‍රී ලංකාව; කඩුලු 3ක් දැවී 114 (20.4): උපුල් තරංග 49, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 25, නිරෝෂන් දික්වැල්ල නොදැවී 26
සම්පූර්ණ වාර්තාව: කෝඩුකාරයන්ගේ තරගයෙන් ජය තිසරට
යොහාන්ගේ ශතකය අපතේ යයි

B කාණ්ඩයේ තරගයක් වූ ඩී. ආර්. සී. සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි අතර තරගයේ බී. ආර්. සී පළමු ඉනිම ලකුණු 187කට සීමා කිරීමට චානක කොමසාරු හා මදුක ලියනපතිරණගේ ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් සමත් විය.
බී. ආර්. සී පළමු ඉනිම – 187/10 (65.5): විකුම් සංජය 51, චාමිකර එදිරිසිංහ 24, චානක කොමසාරු 3/40, මදුක ලියනපතිරණගේ 3/41.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම – 192/10 (65.3): යොහාන් ද සිල්වා 103, මදුක ලියනපතිරණගේ 30, යශෝද ලංකා 26, චාමිකර එදිරිසිංහ 3/40 සුරාජ් රන්දිව් 3/49.
බී. ආර්. සී දෙවන ඉනිම – 126/10 (48.3): ලසිත් ලක්ෂාන් 48, මදුක ලියනපතිරණගේ 4/18, අදීල් මලික් 3/29.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය දෙවන ඉනිම – 86 (38.5): යශෝද ලංකා 24, අදීල් මලික් 19, තිලකරත්න සම්පත් 3/18.
සම්පූර්ණ වාර්තාව: කෝල්ට්ස් හා බී. ආර්. සී පූර්ණ ජයග්‍රහණ භුක්ති විඳී
හොංකොං අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වේ

ඒ ඊයේ (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව හා හොංකොං දේශය අතර පළමු අදියරේ තරගයෙන් ලකුණු 37-08 ලෙස පහසු ජයක් ලබා ගනිමිනි.
සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 08 (1T 1P) – 37 (7T 1C) හොංකොං
ThePapare.com තරගයේ වීරයන්: ඔලිවර් ඕවර්මන් සහ පෝල් ඕල්ටෙයර් (හොංකොං)
සම්පූර්ණ වාර්තාව: හොංකොං ක්‍රීඩකයින් යොවුන් ඇතුන්ගේ දළ සිඳියි
යුද හමුදාව 6 වැනි සතිය ජයකින් නිමා කරයි

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජ 18 (3T 1P) – 32 (4T 3C 2P) යුද හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා – අෂාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ දී යුද හමුදාව පොලිසිය ඉස්සර කරයි






















