කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සධීර, භානුක සහ ප්‍රියංජන් අර්ධ ශතක අතරට

නුවර සහ දඹුල්ල අතර තරගය ද, ගාල්ල සහ කොළඹ අතර තරගය ද මෙසේ අතර මඟ නතර කෙරුණි. එසේ නතර කෙරුණ ද තරග පැවති කෙටි වේලාවේ දී පිත්තෙන් දක්ෂතා දක්වන්නට ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම සහ භානුක රාජපක්ෂ ද, දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් ද සමත් වූහ.
සම්පූර්ණ වාර්තාව: ප්‍රියංජන්, සධීර වැස්සේ අර්ධ ශතක රැස්කරති
මැතිව්ස්, ලක්මාල් නැවත පිටියට

ක්‍රීඩකයින් දෙදෙනාම කොදෙව් සංචාරයේ යෙදෙන සංචිතයට නම් කර තිබුණු නමුත් යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය ස්ථිර කිරීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මහනුවර දී දින අටක පුහුණු සැසියකට සහභාගී වූ අතර බදාදා අවසන් වූ එම පුහුණු සැසිය අතරතුර දී සිදු කළ යෝග්‍යතා ඇගයීමෙන් සුරංග හා මැතිව්ස් සමත් වී ඇත.
බංගලාදේශ සංචාරය අතරතුර දී මැතිව්ස් සිය සුපුරුදු පාදයේ ආබාධයට ලක්වූ අතර මාස හතරක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි ඔහුට නිදහස් කුසලානය ද අහිමි විය.
සම්පූර්ණ වාර්තාව: මැතිව්ස් හා සුරංගගේ කොදෙව් ගමන ස්ථීරයි






















