කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සෙබස්තියන් ක්‍රීඩකයෝ අවසන් මහා සටනට

මෙම ක්‍රිකට් තරගය පසුගිය 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනත් නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් ඊයේ (10) දිනය දක්වා තරගය කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කළේය. මග්ගොන සරේ ගම්මාන පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේය.
සම්පූර්ණ වාර්තාව: මොරටු අභිමානය රැකගෙන සාන්ත සෙබස්තියන් අවසන් සටනට
SLC ගිණුම් අංශයට සීල් තබයි

ලබන මාසයේ දී ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ විකාශන අයිතිය ලබා ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ විදේශීය ගිණුමකට බැර කර ගැනීමට දැරූ උත්සහයක් සම්බන්ධයෙන් මේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත ඒ පිළිබදව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙන බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට සීල් තබයි
චන්දිමාල්ගේ ආබාධය ආසියානු කුසලානයට හරහට හිටී

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව සිටියේය.
සම්පූර්ණ වාර්තාව: චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ





















