ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි සංචිතය 2016 වසරේ ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් අත් කර දෙමිනි.

නමුත් 2017 වර්ෂයේ දී නවීන් හෙනකන්කානම්ගේගේ නායකත්වය යටතේ හා සුදත් සම්පත්ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළ එවකට ශ්‍රී ලංකා 20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම අපරාජිතව අවසන් තරගය දක්වා පැමිණිය ද අවසන් මහා තරගයේ දී ලකුණු 36-00ක් වශයෙන් හොංකොං රාජ්‍යයට පරාජය විය.
හොංකොං රාජ්‍යයට සත්කාරක වාසිය අහිමි වේ
ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ………
2016 වසරේ ශූරයින් හා 2017 වර්ෂයේ අනුශූරයින් වූ 20න් පහළ සත් සාමාජික රග්බි සංචිතයට 2018 දී හිමි වන්නේ තෙවැනි ස්ථානයයි.
පසුගිය වසරේ දී ඉහළ බලාපොරොත්තු සමඟින් පරිපූර්ණ කණ්ඩායමක් තරගාවලියට සහභාගී වූ නමුත් ඔවුන් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වුණේ ක්‍රීඩාලෝලීන්ගේ සියලු බලාපොරොත්තු බිඳ දමමිනි.
අතීතය කෙසේ වෙතත් 2019 වර්ෂයේ ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගී වීම කෙරෙහි ශ්‍රී ලංකා 20න් පහළ රග්බි සංචිතයට ඉතා ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇත.

එසේම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් පසුගිය වර්ෂයේ පැවැත්වූ මහ සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයට දැනුම් දී ඇත්තේ 20න් පහළ, 19න් පහළ හා 18න් පහළ වැනි ජාතික කනිෂ්ඨ කණ්ඩායම්වල වියදම් කිසිවක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් භාර නොගන්නා බවයි.
එසේම ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සතුව ඇති අරමුදල් ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකා ජාතික සංචිතය හා ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතය සඳහා පමණක් බවයි.
Video – ආනන්දය අපට විභාග ප්‍රතිඵල ලබා දුන්නේ නෑ – රංජිත් චන්ද්‍රසේකර
මයිලෝ අගමැති කුසලානය කල් යෑමට හේතුව රංජිත් ……
එසේම ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව පිළිබඳව සියලු තොරතුරු කල් තියාම ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයට දැනුම් දී ඇති අතර ප්‍රථමයෙන් සහභාගීත්වය තහවුරු කිරීමෙන් අනතුරුව අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි සංචිතය ඉහත තරගාවලියට සහභාගී නොවන්නේ නම් ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩ මුදලක් ආසියානු රග්බි සම්මේලනයට ගෙවිය යුතු බවත් බවසා සිටියේය.
නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර ThePapare.com වෙත පැවසුවේ,

කෙසේවුවද 2019 වසරේ ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවයට තව ඇත්තේ සති දෙකක පමණ කාලයක් පමණි. කුමන ගැටලුව තිබුනත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම යොවුන් සංචිතය දිරිගන්වමින් ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවයට සහභාගී කළේ නම් ශ්‍රී ලංකාව ක්‍රීඩකයින්ට තම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යාමට මෙය විශාල අවස්ථාවක් වනු ඇත, මෙම ගැටලුව ඉක්මනින් විසඳී ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ශ්‍රී ලංකාව රනින් සැරසීමට අවශ්‍ය සියලු ශක්තිය හා වාසනාව නොඅඩුව ලැබේවායි කියා ThePapare.com ප්‍රාර්ථනා කර සිටිමු.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















