පසුගිය දා නිමා ව දුටු දකුණු ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් සහභාගී වු ශ්රී ලංකා වොලිබෝල් කණ්ඩායම වසර 10කට පසුව සාග් පදක්කමක් ගෙන ඒමට සමත් වීම කැපි පෙනෙන සිදුවීමක් විය.
සාග් තරඟාවලියට සහභාගී වු ජාතික වොලිබෝල් කණ්ඩායම
ජාතික වොලිබෝල් කණ්ඩායමට නිසි නායකත්වය ලබා දෙමින්, ජයග්රනය කරා රැගෙන ගිය කණ්ඩායම් නායක ජනිත සුරත් මෙසේ සිය අදහස් ප්රකාශ කර සිටියේය.
“ඇත්තටම වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් අංශයෙන් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක්. නායකයකු ලෙස මගේ ස්වකීය දක්ෂතා ප්රගුණ කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරියේ ක්රීඩා සමාජයෙන් ලැබුණු පන්නරය ඉමහත් පිටිවහලක් වුනා, ඒ වගේමයි පිරිමි වොලිබෝල් ක්රීඩාවෙන් අපි සාග් රිදී පදක්කම ලබා ගත්තේ මීට අවුරුදු 10කට කලින්. අපි මෙවර තරඟාවලියට ගියෙත් කොහොම හරි මෙවර එම පදක්කම නැවත දිනා ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිවයි.ඒවගේම අපි සාග් යන්න පුහුණු වුණේ මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත, නමුත් ඊට වඩා හොඳින් පුහුණු වල නිරත වුනා නම් මීට වඩා හොඳ ප්රතිඵල ගන්න තිබුණා.ඒ නිසා ආසියාතික තරගාවලියට දැන්ම ඉදලා පුහුණුවීම් ආරම්භ කළොත් හොදයි කියලා මම හිතනවා“ යැයි ඔහු පැවසීය.

තම අදහස් වැඩිදුරටත් ප්රකාශ කරමින් ඔහු කියා සිටියේ “මම ශ්රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්නේ 2008 වර්ෂයේ ඉදලා, අපේ වරාය කණ්ඩායම මේ දක්වා පැවති ජාතික වොලිබෝල් තරඟාවලි මාලාවේදී පිට පිට තුන්වරක් ශූරතාවය දිනා ගත්තා. එයින් ලැබුණු පන්නරය සාග් තරඟාවලියේදී නායකයකු ලෙස ඉදිරියට යන්නට මට තවත් ලොකු පිටිවහලක් වුණා.“

අවසානයේ ස්වකීය ජයග්රහණය සඳහා උපකාර කළ සියලු දෙනාටම තම හදපිරි ස්තුතිය පුද කර සිටිමටද ඔහු අමතක කලේ නැත.





















