දකුණු කොරියාවේ Gumi හිදි පැවැත්වීමට නියමිත 2025 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩක/ක්‍රීඩිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එළඹෙන 27 වැනි දා ආරම්භ කිරීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය
මලල ක්‍රීඩකයින් සහ සහභාගී වීමට නියමිත ඉසව්
- යුපුන් අබේකෝන් (100m, 200m, 100×4m)
- චමෝද් යෝධසිංහ (100m, 100×4m)
- කාලිංග කුමාරගේ (200m, 400m, 400×4m, 400×4m Mixed)
- අරුණ දර්ශන (400m, 400×4m, 400×4 Mixed)
- ලෙසඳු අර්ථවිදු (උස පැනීම)
- සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම)
- රුමේෂ් තරංග (හෙල්ල විසි කිරීම)
- මෙරෝන් විජේසිංහ (100×4m)
- දෙනෙත් වීරරත්න (100×4m)
- චමෝද් දිසානායක (100×4m)
- සදෙව් රාජකරුණා (400×4m, 400×4 Mixed)
- කල්හාර ඉන්දූප (400×4m, 400×4 Mixed)
- ඔමෙල් සසින්ත සිල්වා (400×4m, 400×4 Mixed)
මලල ක්‍රීඩිකාවන් සහ සහභාගී වීමට නියමිත ඉසව්
- රසාරා විජේසූරිය (10000m, 5000m)
- නදීශා ලේකම්ගේ (හෙල්ල විසි කිරීම)
- නිශේන්ද්‍රා ද සිල්වා (400m, 400×4m, 400×4 Mixed)
- නදීශා රාමනායක (400m, 400×4m, 400×4 Mixed)
- සයුරි මෙන්ඩිස් (400×4m, 400×4 Mixed)
- ජයේශි උත්තරා (400×4m, 400×4 Mixed)
- ජිත්මා විජේතුංග (400×4m, 400×4 Mixed)
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙවර 26 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය තුළ මේ දක්වා ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් 22ක් සමඟින් සමස්ත පදක්කම් 66ක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම මීට පෙර 2023 වසරේ දී බැංකොක් හිදි ක්‍රියාත්මක වූ 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් ත්‍රිත්වයක් සමඟ සමස්ත පදක්කම් 08ක් දිනා ගනිමින් මෙතෙක් ඉතිහාසයේ වඩාත් සාර්ථක ම තරගාවලියකට සහභාගී වීමට ද සමත් වුනා. මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එම දක්ෂතා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට හැකි වේද යන්න ඉදිරි දින කිහිපය තුළ දැක ගත හැකි වනු ඇති.
එම තරග ඉසව් පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<