ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර හම්බන්තොට දී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (5) ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් පසුගිය දා පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම නිසා තරග 1-0ක් ලෙස තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට ඔවුන්ට හැකි විය.
සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 241ක්…
හම්බන්තොට දී පැවති මේ තරගයේ අද දිනය සඳහා ආරම්භ වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිටිමිනි.
සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි සමන්ගලිසො නෙල්බෙලා හා ජෝර්ජ් මලොක්වානා පිළිවෙළින් ලකුණු 4*ක් හා ලකුණු 6*ක් ලබාගෙන සිටියේය. ඔවුන් දෙදෙනා අද දිනයේ උදෑසන කාලය තුල තවත් පන්දුවාර 13කට මුහුණ දී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 393ක් දක්වා වර්ධනය කරගෙන සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.
දකුණු අප්‍රිකානු දෙවන ඉනිම අවසානයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මලොක්වානා 4 පහර 4ක් සමඟ ලකුණු 29*ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ නෙල්බෙලා ලකුණු 28*ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා චරිත් අසලංක අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන කෞශාල් සිල්වා හා සධීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක ස්ථාවර සබඳතාවයක් ගොඩනැංවූ අතර එක් 4 පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටි සමරවික්‍රම දැවී යාමත් සමඟම ඒ සබඳතාවයට නැවතීමේ තිත වැටුණි.
ධනංජය සහ දනංජය ගේ උත්සාහය ප්‍රතිවාදී දැඩි ඉලක්කය හමුවේ අපතේ යයි
ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝ ම තම යුතුකම ඉටුකරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ විනාශ කර ගනිද්දී පසු පෙළ පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ධනංජය…
නායකත්වයේ පිතිකරණයක නිරත වූ කෞශාල් සිල්වා 4 පහර 7ක් එල්ල කරමින් ලකුණු 49ක් ලබාගෙන සිය අර්ධ ශතකයට තවත් එක් ලකුණක් මෙපිටින් සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය. මැදපෙළ පිතිකරුවන් වන ලහිරු මිලන්ත හා පළමු ඉනිමේ ශතකයක් ලබා ගත් චරිත් අසලංක පිළිවෙළින් ලකුණු 21කට හා ලකුණු 10කට ක්‍රීඩාගාරයට හැරී ගියහ.
ලකුණු 124කට කඩුලු 4ක් දැවී ගොස් තිබූ මොහොතක පිටියේ ස්ථාවර වූ පැතුම් නිස්සංක හා සම්මු අශාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 112ක දැවැන්ත හා සාර්ථක සබඳතාවයක් පන්දුවාර 23කට ආසන්න පන්දුවාර ප්‍රමාණයක් තුල වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා යාමට හැකි බවට යම් ඉඟියක් පළ කළේය. දකුණතින් පිතිකරණයේ නිරත වන නිස්සංක 4 පහර 5ක් හා එක් 6 පහරක් සිය ලකුණු ගිණුමට එක්කර ගත්තේ පන්දු 115ක් වැය කරමිනි. අවසානයේ ලකුණු 62ක් ලබාගෙන සිටි නිස්සංක ශ්‍රී ලංකා දෙවන ඉනිමේ 5 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවතට ගියේය. ඔහුට අගනා සහයක් දුන් සම්මු අශාන් මේ තරගාවලිය තුල තවත් අර්ධ ශතකයක් වෙත පිය තැබීමට අද සමත් වූයේ 4 පහර 12ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 71ක් ලබා ගනිමිනි. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු ගණන 71ක් වීම ද සුවිශේෂී වේ.
නිස්සංක හා අශාන් දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ ජයග්‍රහණය යම් ආකාරයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙත ඇඳී යන්නට වූයේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් පිටියට පැමිණි විගස ක්‍රීඩාගාරයට හැරී යාම නිසාවෙනි.
කෙසේ නමුත් අවසානයේ සිව්වැනි හා අවසන් දිනය සඳහා නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමත් සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබාගෙන සිටියේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 41ක් මෙපිටින් සිටිමිනි. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ඊතන් බෝෂ් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 216 (64.3): රයන් රිකෙල්ටන් 51, නන්ද්‍රේ බර්ගර් 31, ජෝර්ජි මහලොක්වානා 29, කමිඳු මෙන්ඩිස් 4/32.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 319 (92): චරිත් අසලංක 100, සම්මු අශාන් 61, කෞශාල් සිල්වා 34, කමිඳු මෙන්ඩිස් 31, ලදෝ සිපම්ලා 4/75.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම – 393/6d (114): ටෝනි ඩී සොර්සි 103, රයන් වෑන් ටොන්ඩර් 68, කගීසෝ රපුලානා 41, බිනුර ප්‍රනාන්දු 2/33, චරිත් අසලංක 2/51.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවන ඉනිම –260/8 (75): සම්මු අශාන් 71, පැතුම් නිස්සංක 62, කෞශාල් සිල්වා 49, ඊතන් බෝෂ් 3/49.
දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 9 වැනිදා දඹුල්ලේ දී පැවැත්වෙන අතර එහි සජීවී විකාශනය හා තරග තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















