සංචාරක දකුණු අප්‍රිකානු නැගී එන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය (27) අවසන් වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටිමිනි.
මාලින්ද පුෂ්පකුමාරගෙන් යළිත් දක්ෂ පන්දු යැවීමක්
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජ පිටියේ අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටින ලදි.
එතැන් සිට ඔවුන්ගේ අවසන් කඩුලු 3 දැවී යාමට පෙර තවත් ලකුණු 76ක් එක් කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් වන එතන් බොෂොප් හා ජුනයිඩ් ඩාවුඩ් සමත් විය. එහි දී බොෂොප් 4 පහර 9ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 55ක් ලබා ගන්නා ලදි. ඔහුට සහය වූ ඩාවුඩ් නොදැවී ලකුණු 31ක් රැස්කර ගත්තේ 4 පහර 4ක් සමඟයි. කඩුලු 9ක් දැවී ලකුණු 394ක් ලබාගෙන සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කරන ලදි. පන්දු යැවීමේ දී පන්දුවාර 43ක් ක්‍රියාත්මක කළ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 126ක් තුල කඩුලු 6ක් දවා ගන්නා ලදි.
පිළිතුරු පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලු දෙක ලකුණු 19ක් තුල දවා ගැනීමට ඩාවුඩ් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු නැගී එන පන්දු යවන්නන් සමත් විය. අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක හා චරිත් අසලංක ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් මට්ටමකට රැගෙන එන ලදි. ඉන්පසුව නම් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අසරණ වීමේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු 66ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් දැවී ගොස් තිබිණි.
ඉන්දීය පොඩ්ඩෝ සතුටින් තරගාවලිය නිමා කරති
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ……
අනතුරුව සම්මු අශාන් හා චාමික කරුණාරත්න දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ වගකීම කරට ගෙන පිතිකරණයේ නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 7වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් ස්ථානයකට රැගෙන එන ලදි.
එහි දී චාමික කරුණාරත්න හා සම්මු අශාන් යන දෙදෙනාම අර්ධ ශතක ලබාගත් අතර චාමික කරුණාරත්න 4 පහර 9ක් සමඟ ලකුණු 61ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව ඔහු සමඟ එක්ව ඉනිම ගොඩනැංවූ සම්මු අශාන් 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 51ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එක් කළේය. අවසානයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 194කට සීමා විය. ජුනයිඩ් ඩේවිඩ්, ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පස්දෙනා අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි
දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටී.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 394/9 (109.5): ටෝනි ඩී සොර්සි 77, මැතිව් බ්රීට්ස්ක් 73, රයන් රිකෙල්ටන් 63, එතාන් බොෂොප් 55, ටෙෂ්පැන්ග් දිතොලේ 43, මාලින්ද පුෂ්පකුමාර 6/126.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම -194/10 (53.4): චාමික කරුණාරත්න 61, සම්මු අශාන් 51, චරිත් අසලංක 18, ජුනයිඩ් ඩාවුඩ් 2/23.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 10/1 (4):
මේ තරගය හෙට (28) තෙවන දිනයටත් පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකිය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















