සම්මුගේ පෙරළිය නැවතූ උදාන ඇතුළු දඔුල්ලට ජය

1306

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් “SLC T20” ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (30) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. ඒ තරගයේ දී කොළඹ කණ්ඩායම පරාජය කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

දසුන් සහ චරිත් මහනුවර ක්‍රීඩකයන් සලිත කරයි

අනෙකුත් ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකට තම කඩුලු පුද දෙමින් පිටියෙන් ඉවත් වෙද්දී තම …

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක ගුණතිලක හා රමිත් රඹුක්වැල්ල පන්දු 13ක් තුල ලකුණු 26ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. සිය 23 වැනි උපන් දිනය ඊයේ දිනයේ දී සැමරූ සධීර සමරවික්‍රම මේ තරගයේ දී ලකුණු 18ක් ලබාගෙන සිටිය දී ජීවන් මෙන්ඩිස්ගේ පන්දුවකට දැවී ගියේ විශ්ව චතුරංග අතට උඩපන්දුවක් ලබා දෙමිනි. සධීරගේ ඉනිමට 4 පහර 3ක් අන්තර්ගත විය. අශාන් ප්‍රියංජන් හට ලබාගත හැකි වූයේ ලකුණු 7ක් පමණි.

ලකුණු 71කට කඩුලු 6ක් දැවී ගොස් තිබූ දඹුලු ඉනිම සවිමත් කළ නායක උදාන හා එක්වූ වනිඳු හසරංග 7 වන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 70*ක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ සජීවී බව රැක ගැනීමට සමත් විය. උදාන පන්දු 25ක දී දැවැන්ත 6 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 41*ක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත වූ අතර ඔහුට සහය වූ වනිඳු නොදැවී ලකුණු 26*ක් ලබා ගන්නා ලදි.

ICCය ශ්‍රී ලංකාවට තවත් කල් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (29) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ…

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වූ දඟපන්දු යවන ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගන්නා විට චතුරංග ද සිල්වා, සම්මු අශාන් හා වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

දඹුල්ල කණ්ඩායම ලබාගත් ලකුණු 141ක ඉලක්කය පසුපස හඔා ගිය කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ඇතුළු පළමු පෙළ පිතිකරුවන් තිදෙනා කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණය 21ක් ලෙස දැක්වෙද්දී ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියේය. තරගාවලියේ මෙතෙක් දුරට සාර්ථකත්වයට පත්වූ උපුල් තරංග අද දිනයේ දී ලබාගත්තේ ලකුණු 8ක් පමණි.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් හා ප්‍රියමාල් පෙරේරා ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් පරාජය වෙත ඇදෙමින් සිටි කොළඹ කණ්ඩායමට යම් සැනසිල්ලක් ගෙන එන ලදි. ඒ සබඳතාවය අවසන් වූයේ ලකුණු 21ක් ලබාගෙන සිටි මෙන්ඩිස්ගේ දැවී යාමත් සමඟයි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අමිල අපෝන්සු නියමිත පන්දුවාර 4 තුල ලකුණු 13ක් පමණක් ප්‍රතිවාදීන් හට ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තේය. ඔහු දැවී ගිය පසුව 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 46ක් ලබාගෙන සිටි ප්‍රියමාල් ද දැවී යාම නිසා තරගය කණ්ඩායම දෙකටම එකසේ විවෘත තරගයක් විය.

කොළඹ කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාර 2ක තුල ලකුණු 28ක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර සම්මු අශාන් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් 6 පහර 4ක් සමඟ පන්දු 15ක් තුල ලකුණු 32ක් ලබාගත් නමුත් කොළඹ කණ්ඩායමේ අවාසනාවකට මෙන් ඔහු දුවද්දී දැවී යාම නිසා යළිත් තරගය දෙපිලටම විවෘත වන්නට වීම සඳහා ගත වූයේ තත්පර කිහිපයකි. අවසානයේ කොළඹ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණි.

කොළඹ කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 2 වැනිදා  රාත්‍රි 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර Dialog TV නාලිකා අංක 1, MyTV සහ ThePapare.com වෙබ් අඩවිය හරහා තරගය සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇත. රැඳී සිටින්න ThePapare.com සමඟම.

දඹුල්ල – 140/6 (20): ඉසුරු උදාන 41*, වනිඳු හසරංග 26*, ජීවන් මෙන්ඩිස් 3/23.

කොළඹ – 135/8 (20): ප්‍රියමාල් පෙරේරා 46, සම්මු අශාන් 32, අමිල අපෝන්සු 3/13.

තරගයේ වීරයා – ඉසුරු උදාන (දඹුල්ල)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <