පොලිස් කණ්ඩායමට එරෙහිව ගුවන් හමුදාව
හර්බර්ට් කුසලාන පැසිපන්දු තරගාවලියේ දෙවන දිනයේ (29) උදෑසන තරග ආරම්භ කරමින් පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම තරග බිමට පිවිසුණි. මෙතෙක් තරගාවලිය තුල පැවති තීරණාත්මකම හා තියුණුම තරගය ලෙස මෙය හැඳින්විය හැක.

කණ්ඩායම් දෙකම තම සුපුරුදු රිද්මයෙන් වෙනස් ආකාරයකට ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර පොලිස් කණ්ඩායම යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට සමත් වූයේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනි. නමුත් තම දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූයේ ලකුණු 19-17ක් ලෙසයි.
පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 21-17ක් ලෙස ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.
දෙවන කාර්තුව ආරම්භයේ දී පොලිස් කණ්ඩායම දෙසට පීඩනය යොමු කිරීමට සමත් වූ ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 26-19ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් විය. මනා සංයමයකින් යුක්ත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ පොලිස් කණ්ඩායම නැවත ලකුණු පරතරය 27-28ක් ලෙස අඩු කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය වෙනුවෙන් පොලිස් කණ්ඩයමේ #5 ක්‍රීඩක නුවන් හා #11 ක්‍රීඩක ක්‍රිෂාන් ලකුණු 6 බැගින් ලබා ගන්නට සමත් වූ අතර ගුවන් හමුදා පිල වෙනුවෙන් #11 ක්‍රීඩක ගවී කුරේ ලකුණු 12ක් රැස් කර ගැනීමට සමත් විය.
ගුවන් හමුදා කණ්ඩායම තරගයේ බොහෝ අවස්ථාවල දී ගවී කුරේ හරහා ලකුණු රැස් කිරීමට පෙළඹුන අතර තෙවන කාර්තුව තුල දී තම ආරක්ෂාකාරී අන්තය තර කර ගත් පොලිස් පිල, ගුවන් හමුදා කණ්ඩයමේ ලකුණු ලබා ගැනීම සීමා කිරීමට සමත් විය. මෙහි ප්‍රතිඵලය වූයේ තෙවන කාර්තුව අවසන් වන විට ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වීමයි.
ලකුණු තත්වය ලකුණු 50-48 ලෙස දිස්විය.
අවසන් කාර්තුවේ කණ්ඩායම් ද්විත්යම ජයග්‍රහණය උදෙසා තරග වැදුණු අතර කණ්ඩායමේ දෙකේම දක්ෂතා ඉස්මතු වී පෙනෙන්නට විය. කරට කර තරගයකින් අනතුරුව ලකුණු 2කින් ඉදිරියට පැමිණීමට පොලිස් කණ්ඩායම සමත් විය. මෙහි දී තම පරිණත භාවය මැනවින් පෙන්නුම් කිරීමට පොලිස් කණ්ඩායමේ #4 ක්‍රීඩක සුජීව විජේවීර සමත්විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 67-65ක් ලෙස දිස්විය.
තරගයෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු සුසිල් මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.
“හොඳ තරගයක් ක්‍රීඩා කරන්නට ලැබීම සතුටක්, තරගය පුරා අපේ කණ්ඩායම සුපුරුදු රිද්මයෙන් තොරව ක්‍රීඩා කරනවා දක්නට ලැබුණා. එම නිසා ලකුණු ලබා ගැනීමේ අවස්ථා ගිලිහී ගියා.”
තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගිය ඔසඳ උමයංග අප වෙත පවසා සිටියේ,
“පොලිස් කණ්ඩායම අපිට හොඳ අභියෝගයක් එල්ල කළා, ජාතික තරගාවලියේදීත් ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. අපිට ජයග්‍රහණය ලබා ගන්නට ලැබීම සතුටක්.”
පොලිස් කණ්ඩායමේ පුහුණුකරු බුද්දික කුමුදපෙරුම මහතා අප වෙත මෙසේ අදහස් දැක්විය.
“තරගය දිනන්න අපිට හොඳ අවස්ථාවක් තිබුණා, නමුත් අපේ ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය අවසන් මොහොතේ අඩු වීම තරගයේ තීරණයට බලපෑවා.”
Photo Album : Hebert Memorial Cup Basketball Tournament – Day 2
යුද හමුදාවට එරෙහිව යාපනය කණ්ඩායම
මියානි අධ්‍යාපන ආයතනයේ දී පැවති මෙම තරගය තීරණාත්මක තරගයක් විය. එයට හේතුව මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකි වීමයි.
කණ්ඩායම් දෙකම යොවුන් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් වීම විශේෂ කරුණක් වූ අතර යාපනය කණ්ඩායම තම පළමු තරගය ජයග්රහණයෙන් පසුව ඉතා ඉහළ මානසික මට්ටමකින් මෙම තරගයට එක්වූ බවක් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් තියුණු මුහුණුවරක් ගත් පළමු කාර්තුව නිමා වූයේ යුද හමුදා ක්‍රීඩකයින් ඉදිරියෙන් තබමිනි.
ලකුණු 17-16ක් ලෙස දෙවන කාර්තුව ඇරඹූ යුද හමුදා පිල තම ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළ අතරම ප්‍රතිවාදී පිල ලකුණු 9කට සීමා කිරීමට සමත් විය. මෙහි දී #15 ක්‍රීඩක බාලසූරියගේ දක්ෂතා කැපී පෙනුණු අතර යුද හමුදා කණ්ඩායම ලකුණු 35-26ක් ලෙස පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමාවට පත් විය.
දෙවන අර්ධයේ දී නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වී ගියේ යුද හමුදා කණ්ඩායම දිගින් දිගටම ලකුණු රැස් කිරීම නිසාවෙනි. කෙසේ වෙතත් තරගයේ අවසන් අර්ධය ඉතා උද්වේගකර ස්වභාවයක් ගත් අතර යාපනය කණ්ඩායම තරගයේ පීඩනය යුද හමුදා පිල දෙසට හැරවූවත් එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 61-54ක් ලෙස දැක්විය.
මුතුවාල් කණ්ඩායමට එරෙහිව බැටික්ලෝ බ්ලු කණ්ඩායම
තම පළමු තරගය පොලිස් කණ්ඩායම හමුවේ පරාජය වූ මුතුවාල් ක්‍රීඩකයින්ට තරගාවලියේ ඉදිරියට යෑමට නම් මෙම තරගය ජය ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් විය. බැටික්ලෝ බ්ලු පිල ද තම පළමු තරගය ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම හමුවේ පරාජය විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ද ලකුණු 40-21ක් ලෙස ඉදිරියට පැමිණීමට මුතුවාල් කණ්ඩායම සමත් විය.

නමුත් අවසන් කාර්තුවේ දී නැවතත් ක්‍රීඩා කළ මුතුවාල් ආරම්භක ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

“අපේ පළමු ජයග්‍රහණය ලබා ගැනීම ගැන අපි සතුටු වෙනවා, තරගාවලියේ ඉදිරියට යන්න අපිට ඊළඟ තරගය ජය ගැනීම අනිවාර්යය කරුණක්. අපි බලාපොරොත්තු වෙනවා ඒ අභියෝගයත් ජය ගන්න.”
සත්කාරක පිලේ නායක ඩෙනී අප වෙත මෙසේ අදහස් දැක්විය.
“මයිකල්ස් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබීම භාග්‍යයක්, තරග 2ක් පරාජයට පත් වුනාට අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ තරගය හොඳින් ක්‍රීඩා කරන්න, ඒ වගේම අපේ කණ්ඩායමේ ඉන්න පාසල් ක්‍රීඩකයින්ට එය හොඳ අත්දැකීමක් වේවි.”
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















