6 වැනි වරටත් පැවැත්වෙන “හර්බට් කුසලාන පැසිපන්දු තරගාවලිය” අතිඋත්කර්ශවත් අයුරින් සාන්ත මයිකල්ස් පාසල් පැසිපන්දු පිටියේ දී ඊයේ (28) ආරම්භ විය. මෙහි පළමු දිනයේ පැවති තරග වලින් ජය ලබා ගැනීමට පොලිස් කණ්ඩායම, යාපනය දිස්ත්‍රික් කණ්ඩායම හා ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.
6 වන හර්බට් කුසලාන පැසිපන්දු තරගාවලියට තව සතියයි
1923 වසරේ ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ උපන් ජෝන් හර්බට් ඉන් සැතපුම් 5500 කටත් එපිටින් පිහිටි ශ්‍රී ලංකාව නම් වූ දිවයිනේ පැසිපන්දු ක්‍රීඩාව නඟා සිටුවිමට දායක වනු වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත…
පොලිස් කණ්ඩායමට එරෙහිව මුතුවාල් ක්‍රීඩා සමාජය
තරගය ආරම්භයේ දී ම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ පොලිස් කණ්ඩායම, තරගයේ ලකුණු 6-2ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. නමුත් තම යොවුන් ජවය ප්‍රදර්ශනය කළ මුතුවාල් ක්‍රීඩා සමාජය පළමු කාර්තුවේ මිනිත්තු 5ක් වන විට ලකුණු මට්ටම සම කිරීමට සමත් විය.
නැවත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම තරගයේ පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 17-14ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

මෙම අර්ධයේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් #11 ක්‍රීඩක ක්‍රිෂාන් චාමර ලකුණු 12ක් රැස් කිරීමට සමත් වූ අතර මුතුවාල් කණ්ඩායම වෙනුවෙන් #5 ක්‍රීඩක අනුෂ්ක ඩිලාන් ලකුණු 11ක් රැස්කිරීමට සමත් විය.
තරගයේ පළමු අර්ධය නිමාවන විට 30-26ක් ලෙස පෙරමුණේ රැඳී සිටීමට පොලිස් පිල සමත් විය.
තෙවන කාර්තුව තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් වූ අතර පොලිස් කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින්ගේ අත්දැකීම් බහුලත්වය මෙම කාර්තුවේ දී මැනවින් ප්‍රදර්ශනය විය.

මෙහි ප්‍රතිඵලය වූයේ තෙවන කාර්තුව අවසන් වන විට ලකුණු 50-38ක් ලෙස ලකුණු 12කින් පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වීමයි.
තරගයේ අවසන් කාර්තුවට උපායශීලීව පිවිසි මුතුවාල් ක්‍රීඩකයින් නැවත පීඩනය පොලිස් පිල දෙසට හැරවීමට සමත් විය. මෙහි දී කිහිප වරක් පොලිස් පිල ලකුණු රැස් කිරීමට අපොහොසත් වූ නමුත් ලකුණු පරතරය 10කට අඩු වීමට අවස්ථාව ලබා නොදුනි.
පීඩනය මධ්‍යයේ දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ පොලිස් කණඩායමේ #15 ක්‍රීඩක සුජිත් මස්ටර්ගේ දක්ෂතා අවසන් කාර්තුවේ කැපී පෙනෙන්නට විය.
තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 69-57ක් ලෙස දැක්විය.

“මෙවර අපේ කණ්ඩායමට නවක ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත් වෙනවා. ඔවුන්ගේ දක්ෂතා කණ්ඩායමට උපකාරී වන විදිහට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.”
එසේම මුතුවාල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රෙක්ස් ක්ලිමෙන්ටන් මහතා ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.
“අපි කණ්ඩායමක් විදියට අපේ දක්ෂතා ගැන සතුටු වෙනවා, නමුත් තෙවන කාර්තුවේ ක්‍රීඩා කළ විදිහ ගැන තවත් වාරයක් සිතා බැලිය යුතුයි. අවසන් කාර්තුවේ අපේ ක්‍රීඩකයින් නිදහස් විසි කිරීම් 10ක් අසාර්ථක වීම විශාල පාඩුවක් වුනා. අඩුපාඩු හදා ගනිමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා”
බැටික්ලෝ රෙඩ් කණ්ඩායමට එරෙහිව යාපනය කණ්ඩායම

සත්කාරක බැටික්ලෝ කණ්ඩායම තරමක වේගවත් ක්‍රීඩා විලාශයක් අනුගමනය කළත් ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මඟ හැර ගන්නා ලදි.
එම හේතුවෙන් පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 19-07ක් ලෙස පෙරමුණ ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය.

එහෙයින් තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 31-15ක් ලෙස යාපනය කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.
තරගයේ තෙවන අර්ධය සත්කාරක කණ්ඩායමට සුබදායක නොවූ අතර යාපනය කණ්ඩායම දිගින් දිගටම ලකුණු රැස් කිරීමේ නියැළුණි.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 62-36ක් ලෙස දැක්විය.
ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව බැටික්ලෝ බ්ලු කණ්ඩායම
51 වැනි ජාතික ශූරතාවයේ හිමිකරුවන් වන ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම තමන් සහභාගී වූ ප්‍රථම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට සමත් විය. මෙහි දී බැටික්ලෝ බ්ලු කණ්ඩායම වෙනුවෙන් පාසල් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

තරගයේ පළමු කාර්තුවේ ලකුණු 12-21ක් ලෙස ඉදිරියෙන් සිටීමට ගුවන් හමුදා පිල සමත් වූ අතර දෙවන කාර්තුවේ දී තම ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 2ක් පමණක් ලබා දුන් ගුවන් හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධය නිමා කළේ ලකුණු 14-36ක් ලෙස තම කණ්ඩායම ඉදිරියෙන් තබමිනි.

තරගයේ අවසන් කාර්තුවේ දී දෙපිලේම අතිරේක ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර තරගයේ පහසු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා පිල සමත් විය.
අවසන් ලකුණු සටහන ලකුණු 50-23ක් ලෙස දිස්විය.
තරගයෙන් අනතුරුව අප වෙන අදහස් දක්වමින් ගුවන් හමුදා පුහුණුකරු සුසිල් මහතා මෙසේ පැවසීය.

තරගාවලියේ අවසන් මහා තරගය 30 වන දා ප. ව. 6.00 ට සාන්ත මයිකල්ස් පාසල් පැසිපන්දු පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට






















