ශ්‍රී ලංකාව ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට!

ICC Rankings

170
ICC Rankings

නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඊයේ (04) දිනයේ යාවත්කාලීන වූ මෙම එක්දින ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 124ක් සමඟ ඉන්දියාව පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර, ඉන් පසුව පිළිවලින් නවසීලන්තය (109) සහ ඕස්ට්‍රේලියාව (109) දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙහි සිව්වැනි ස්ථානයට පත් වී තිබෙන්නේ ලකුණු 104ක් සමඟයි. පාකිස්තානය ද ලකුණු 104ක් ලබා ඇති අතර ඔවුන් 05 වැනි ස්ථානයේ රැඳෙනවා.

මේ අතර ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානය හිමි වී ඇති අතර, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි 07 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටිනවා.

මීට අමතරව කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් අතර 07 වැනි ස්ථානයේ රැඳෙන අතර, ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 09 වැනි ස්ථානයේ රැඳෙනවා.

එක්දින පිතිකරුවන් අතරේ 09 වැනි ස්ථානයේ චරිත් අසලංක රැඳෙන අතර, මහීශ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන් අතරේ පළමු ස්ථානයේ රැඳෙනවා.

විස්සයි විස්ස පිතිකරුවන් අතරේ පැතුම් නිස්සංක 07 වැනි ස්ථානයේ සහ කුසල් පෙරේරා 10 වැනි ස්ථානයේ රැඳෙද්දී, පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග 05 වැනි ස්ථානයේ සහ මහීෂ් තීක්ෂණ 08 වැනි ස්ථානයේ රැඳීමත් විශේෂත්වයක්. මේ අතර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරේ වනිඳු 06 වැනි ස්ථානයේ රැඳෙනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<