දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල 24 වැනිදා (සිකුරාදා) ඉන්දියාවේ රංචි හිදි ආරම්භ වීමට නියමිතයි.
ඉතිහාසයේ සිව්වැනි වතාවට පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා උළෙල මීට පෙර 1997, 1998 සහ 2008 යන වසරවල දී පැවැත්වුණා. ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙල වසර 17ක ඇවෑමෙනුයි ක්‍රියාත්මක වන්නේ.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
දුර පැනීම
දුර පැනීම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතයි.
- පිරිමි – විශ්මිත කුමාර, සම්පත් මිරන්ද
- කාන්තා – නෙත්මිකා හේරත්, ඉශාරා සමන්මලී
තුන් පිම්ම ඉසව්ව
තුන් පිම්ම ඉසව්ව සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතයි. එමෙන්ම නෙත්මිකා M.හේරත් විසින් තුන් පිම්ම සහ දුර පැනීම යන ඉසව් ද්විවයටම සහභාගී වනු ඇති.
- පිරිමි – පසිඳු මල්ශාන්, අශ්මික කේශාන්
- කාන්තා – නෙත්මිකා හේරත්, E.M.S.උපේක්ෂා
උස පැනීම
උස පැනීම ඉසව්ව වෙනුවෙන් වත්මනේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන යොවුන් ක්‍රීඩකයකු වන ලෙසඳු අර්තවිදු සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙම ඉසව්ව සඳහා සමස්ත ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් සහභාගී වීමට නියමිතයි.
- පිරිමි – ලෙසඳු අර්ථවිදු, තරිඳු දසුන්
- කාන්තා – රනින්දි පෙහන්සා ගමගේ, රශ්මි කෝෂිලා පෙරේරා
යගුලිය විසිකිරීම
මෙම ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතයි.
පිරිමි – S.මිතුන්රාජ්
කාන්තා – ඔවිනි T. චන්ද්‍රසේකර
කවපෙත්ත විසිකිරීම
මෙම ඉසව්ව සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වීමට නියමිතයි.
පිරිමි – මිලන්ත S.දිසානායක
කාන්තා – A.G.V.V. ලක්මාලි
මිටිය විසිකිරීම
- පිරිමි – K.K.D.M. ධර්මසේන
හෙල්ල විසි කිරීම
පිරිමි – රුමේෂ් තරංග, සුමේධ රණසිංහ
කාන්තා – නදීශා ලේකම්ගේ, ඉමාශා හසන්ති
මෙම ඉසව්ව සඳහා ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු ත්‍රිත්වයක් ලෙස රුමේෂ්, සුමේධ සහ නදීශා හඳුනාගත හැකි. නිමා වූ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ අත්දැකීම් ද සමඟ සුමේධ සහ රුමේෂ් වඩාත් හොඳ දස්කම් දක්වනු ඇති බව අනුමාන කළ හැකි. කෙසේ වෙතත් ඉන්දියාව සහ පාකිස්තානය ලෝක මට්ටමේ දී මෙන්ම දකුණු ආසියාවේ දී ද ඔවුන්ට යම් තර්ජනයක් එල්ල කරනු ඇති.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්a/
මීටර් 100
යුපුන් අබේකෝන්ගෙන් පසුව මීටර් 100 යෂ්ටිය බාර ගැනීමට සූදානමින් සිටින චමෝද්ගෙන් මෙවර විශේෂ දස්කම් දැකබලාගත හැකි වනු ඇති. එමෙන්ම අමාශා ද සිල්වා පිළිබඳව ද මෙවර බලාපොරොත්තු තබා ගත හැකි.
- පිරිමි – චමෝද් යෝධසිංහ, D.D.S. දියතලාව
- කාන්තා – අමාශා ද සිල්වා, ෆාතිමා ශෆියා
මීටර් 200
මෑත කාලීන ව කෙටි දුර ධාවනයෙන් කැපී පෙනුණු යොවුන් ක්‍රීඩකයකු වන ඉඳුසර විදුශාන් පිළිබඳ මෙවර විශේෂ අවධානයක් යොමු වනු ඇති.
- පිරිමි – ඉඳුසර විදුශාන්
- කාන්තා – ෆාතිමා ශාෆියා, ජිත්මා විජේතුංග
මීටර් 400
මීටර් 400 ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් වන කාලිංග කුමාරගේ මෙවර තරගාවලියට සහභාගී වන නමුත්, අරුණ දර්ශන මෙවර තරගාවලියට සහභාගී නොවනු ඇති. එමෙන්ම සුපුරුදු පරිදි නදීශා රාමනායක ද මෙවර සිය උපරිම දක්ෂතා කරා යොමු වනු ඇති.
- පිරිමි – කාලිංග කුමාරගේ, කල්හාර ඉඳූප සිල්වා
- කාන්තා – නදීශා රාමනායක, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්
මීටර් 800
තරුෂි කරුණාරත්නගේ සහෝදරයා වන හර්ෂට මෙවර දකුණු ආසියානු මට්ටමේ පදක්කමක් කරා යෑමට දොර විවර වී තිබෙනවා. එමෙන්ම කාන්තා අංශයෙන් ටක්ෂිමා නුහන්සා ද මෑත කාලීන ව කැපී පෙනුණු ක්‍රීඩිකාවක් ලෙස හඳුන්වාදිය හැකි.
- පිරිමි – හර්ෂකරුණාරත්න, A.M.S.B.අත්තනායක
- කාන්තා – සඳුනි ලක්ෂානි, ටක්ෂිමා නුහන්සා
මීටර් 1500
මෙම ඉසව්වේ කාන්තා අංශය වෙනුවෙන් නිමාලි ලියනාරච්චි සිය සහභාගීත්වය තහවුරු කර තිබෙනවා.
- පිරිමි – රුසිරු චතුරංග, M.නිෆ්‍රාස්
- කාන්තා – නිමාලි ලියනාරච්චි, K.G.N.M.A.කුමාරි
මීටර් 5000
මෙම ඉසව්වේ දී V.වක්ෂන් සහ රසාරා විජේසූරිය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගත හැකි.
- පිරිමි – V.වක්ෂන්
- කාන්තා – H.M.චාමිනී හේරත්, රසාරා විජේසූරිය
මීටර් 10000
රසාරා මෙවර මීටර් 5000 ඉසව්වට අමතරව මීටර් 10000 ඉසව්වට ද සහභාගී වීමට නියමිතයි.
- පිරිමි – S.රොශාන්
- කාන්තා – රසාරා විජේසූරිය
මීටර් 110 කඩුලු පැනීම
- පිරිමි – රොශාන් රණතුංග, සඳුන් කෝසල
මීටර් 100 කඩුලු පැන දිවීම
- කාන්තා – ලක්ශිකා සුගන්දි, වත්සලා හපුආරච්චි
මීටර් 400 කඩුලු මතින් දිවීම
මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව වෙනුවෙන් අයෝමාල් අකලංක වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම තම වයස් කාණ්ඩවලට අයත් සියලු වාර්තා වරින් වර බිඳ හෙළමින් ඉතා හොඳ තරග රටාවක් මේ වන විට අයෝමාල් විසින් හඳුනාගෙන තිබීම විශේෂත්වයක්.
- පිරිමි – අයෝමාල් අකලංක, අසිත රත්නසේන
- කාන්තා – L.G.A. සත්සරණි, දසුනි කෞශල්‍යා
මීටර් 100 සහය දිවීම
- පිරිමි – චමෝද් යෝධසිංහ, D.D.S.දියලවත්ත, ඉඳුසර විදුශාන්, ප්‍රමුදිත සිල්වා, චලිත් පියුමාල්
- කාන්තා – අමශා ද සිල්වා, ෆාතිමා ශාෆියා, රුමේෂිකා රත්නායක, ධනංජනා ප්‍රනාන්දු, දුල්ශානි සිල්වා
මීටර් 400 සහය දිවීම
- පිරිමි – කාලිංග කුමාරගේ, කල්හාර ඉඳූප, සදෙව් රාජකරුණා, ඔමෙල් ශසින්ත සිල්ව
- කාන්තා – ජිත්මා විජේතුංග, නදීශා රාමනායක, සයුරි ලක්ෂිමා, ජයේශි උත්තරා
මීටර් 400 මිශ්‍ර සහය දිවීම
- කාලිංග කුමාරගේ, කල්හාර ඉඳූප, නදීශා රාමනායක, සයුරි ලක්ෂිමා, නිශේන්ද්‍රා ප්‍රනාන්දු
මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 24 ආරම්භ වී 26 දින දක්වා ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ සියළු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන්ම සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<




















