ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අවසන් වන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටින සත්කාරක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 379ක් ලබා සිටියා.
Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 485ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ලෙසිනුයි ඔස්ට්‍රේලියානුවෝ මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ.
තරගය අද (22) ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියා ඉනිමේ කඩුල්ලක් දැවී ලකුණු 76ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Jake Weatherald පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ද සහ Kurtis Patterson පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතුරින් අද පළමුවෙන් ම තම ඉනිම හැර යන්නේ Kurtis Patterson. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 134ක් බවට පත් ව තිබුණා.
අනතුරු ව Jake Weatherald සමඟ පිටියට එක් වෙන්නේ නායක Jason Sangha. ඔවුන් දෙදෙනා විසින් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Jake Weatherald පන්දු 275කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 183ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳ වැටෙනවා.
එය ඔහුගේ පළමු පෙළ තරග 73ක 13 වැනි ශතකය වන අතර ඒ වෙද්දී ඔහු පළමු පෙළ ලකුණු 5000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වෙනවා.
- නුවනිඳුගෙන් නැවතත් ශතකයක්
- SSC කණ්ඩායම Tier B ශූරතාව දිනා ගනී
- අසිත, කුසල් සහ ජනිත් ගේ කැරැල්ල පරාජය වෙයි
- ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා A සංචිත නම් කරයි
- සොනාල් දිනූෂට ටෙස්ට් වරම්
තරගය 3 වැනි දිනයට නිමා වන විට Jason Sangha පන්දු 206කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 121ක් ද සහ Oliver Peake නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.
Jason Sangha අද වාර්තා කළේ තම පළමු පෙළ තරග 47ක 8 වැනි ශතකය වන අතර මේ වෙද්දී ඔවුන් ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 106ක් පිටුපසින් පසුවෙනවා.
ඔස්ට්‍රේලියා ඉනිමේ දැවී ගිය කඩුලු 3 නුවනිඳු ප්‍රනාන්දු, අසංක මනෝජ් සහ නිශාන් පීරිස් අතරේ බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 6ක් දැවී 485 (157.0) කමිල් මිෂාර 81, නුවනිඳු ප්‍රනාන්දු 102, පවන් රත්නායක 122, සොනාල් දිනූෂ 88, සොහාන් ද ලිවේරා නොදැවී 50, Zanden Jeh 3/132
- ඔස්ට්‍රේලියාA ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 379 (103.0) Jake Weatherald 183, Kurtis Patterson 59, Jason Sangha නොදැවී 121
හෙට (23) තරගයේ 4 වැනි සහ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<