රාජ්‍ය සේවා. සෞඛ්‍ය තමයි එක

SLSSCA Div B Tournament 2025   

26
SLSSCA Div B Tournament 2025

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ 2 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට SL Health SC කණ්ඩායම පසුගියදා සමත් වුනා.

ගොඩිගමුව MB ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් SL Customs SC කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී SL Health SC කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 222ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි SL Customs SC කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 203ක් පමණයි.

SL Health SC කණ්ඩායම

 

චන්දන ධනපාල (නායක), සිතුම් තරංග, අනිල් සංජය, සඳුන් ප්‍රසන්න, තරිඳු ජයසිංහ, චමිල් මදුශංක (කඩුලු රකින්නා), කසුන් මිස්සෝ, නීල් රංජන්, රොක්ශන් සේනානායක, නිශාන්ත කරුණාරත්න සහ සමන්ත කුමාර.

 

SL Customs SC කණ්ඩායම

 

කල්පන ද සිල්වා (නායක), ලියෝන් මදුශාන් (කඩුලු රකින්නා), මල්ශාන් පෙරේරා, මනෝජ් සමරසේකර, ජෝන් මාර්ක්, බතිය හේට්ටිආරච්චි, නිශාන් පෙරේරා, තිළිණ තිලකරන්ත, රාජිත මදුශාන්, ප්‍රමෝද් ආරියරත්න සහ කාවින්ද හේරත්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SL Health SC ක්‍රීඩකයන්ගේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ තරිඳු ජයසිංහ. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඊට අමතර ව චමිල් මදුශංක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. SL Health SC කණ්ඩායමේ නායක චන්දන ධනපාල ද පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී අනිල් සංජය පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මල්ශාන් පෙරේරා ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මනෝජ් සමරසේකර කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව නිශාන් පෙරේරා, කාවින්ද පෙරේරා, කල්පන ද සිල්වා සහ භාතිය හෙට්ටිආරච්චි කඩුල්ල බැගින් දවා ගත්තා .

ජයග්‍රහණය සඳහා ලකුණු 223ක ඉලක්කයන් වෙනුවෙන් හඹා යන ඉනිමකට පිවිසි SL Customs SC ක්‍රීඩකයෝ තම ඉනිම තවත් පන්දු 21ක් ඉතිරි ව තිබිය දී අවසන් කර ගන්නවා.

එලෙසින් නිමා වූ එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ සඳුන් ප්‍රසන්න. ඔහු ලකුණු 13කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව නීල් රාජන් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගන්නා අතර නිශාන්ත කරුණාරත්න කඩුලු 2ක් ද සහ සමන්ත කුමාර කඩුල්ලක් ද දවා ගන්නවා.

මෙම මෙහෙයුමේ දී කඩුලු රැකීමේ නිරත වූ චමිල් මදුශංක කඩුලු බිඳ දැමීම් 2කට ද සහ උඩ පන්දු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර පිතිකරුවෙක් ද ලෙසින් ද ඔහු තම කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙයක් සිදු කළා.

ඔවුන් ඒ ලෙසින් දක්ෂතා දැක් වූව ද එම ඉනිමේ දී පන්දු 100කට මුහුණ දෙමින් ලකුණු 65ක් ලබා ගැනීමට මනෝජ් සමරසේකර සමත් වීම කැපී පෙණුනා. එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ද ඊට එක් කර තිබුණා.

ඔහුට අමතර ව ලියෝන් මදුශංක පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ මල්ශාන් පෙරේරා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

SL Health SC – සියලුම දෙනා දැවී 222 (45.3) අනිල් සංජය 20, චන්දන ධනපාල 30, තරිඳු ජයසිංහ 52, චමිල් මදුශංක 33, මල්ශාන් පෙරේරා 4/34, මනෝජ් සමරසේකර 2/59

 

SL Customs SC – සියලුම දෙනා දැවී 203 (46.3) ලියෝන් මදුශාන් 45, මල්ශාන් පෙරේරා 28, මනෝජ් සමරසේකර 65, නීල් රංජන් 3/44, නිශාන්ත කරුණාසේන 2/27, සඳුන් ප්‍රසන්න 4/13

 

SL Health SC කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<