“දිට්වා” තරගාවලි 3ක් බිලි ගනී

5

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම තරගාවලි ත්‍රිත්වයක් කල් දැමීමට ශ්‍රී ලකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කර තිබෙනවා.

මේ දිනවල දී දිවයින පුරා පැතිර යමින් පවතින දිට්ටා නමින් හඳුන්වා ඇති සුළි කුණාටු තත්ත්වය හෙට දිනයේ දී සක්‍රීය ව පවතින බැව් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර පළාත ඇතුළු තවත් පළාත් කිහිපයකට ම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ද පැවැතිය හැකි බවයි කාලගුණ තත්ත්වය වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඒ අනුව හෙට (28) වැනිදා ආරම්භ කිරීමට නියමිත ව තිබූ  Major Club තුන් දින ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ක්‍රීඩා සමාජ Tier B තුන් දින ක්‍රිකට් තරගාවලිය ද සහ වයස අවුරුදු 15න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය ද මෙලෙස කල් දැමූ බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මෙම තරග අතුරින් Major Club තුන් දින ක්‍රිකට් තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත ක්‍රීඩා සමාජ Tier B තුන් දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 05 වැනිදා සිට ආරම්භ කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර වයස අවුරුදු 15න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පවත් වන දිනය ඉදිරි කාලයේ දී දැනුම් දෙන බවයි ඔවුන් පවසන්නේ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<