හර්ෂිතා පළමු ශතකය වාර්තා කරයි

SLC Major Club Women 50 Over Tournament 2025

13
SLC Major Club Women 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ (30) ආරම්භක ශතකය වාර්තා කිරීමට Navy SC කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා.

ඇය මෙම දක්ෂතාව දක්වන්නේ Baduraliya SC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඇය පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 140ක් ලබා ගත්තා.

දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නිය බවට පත් වීමට Navy SC කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන තාරිකා සෙව්වන්දි සමත් වෙනවා. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ Baduraliya SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින්.

මේ අතර අද පැවැති තරගවල දී Navy SC කණ්ඩායමේ හංසිමා කරුණාරත්න (නොදැවී 73), Chilaw Marian  CC කණ්ඩායමේ චමරි අතපත්තු (57) සහ සුමුදු නිසංසලා (54), Army SC කණ්ඩායමේ ක්‍රිශාන්ති සඳමාලි (නොදැවී 56) සහ නිලක්ෂිකා සිල්වා (55) අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Chilaw Marian CC   සහ Army SC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – කඩුලු 6ක් දැවී 223 (50.0) ඉමල්කා මෙන්ඩිස් 42, ක්‍රිශාන්ති සඳමාලි නොදැවී 56, නිලක්ෂිකා සිල්වා 55, දෙව්මි විහංගා 2/38, සඳුනි නිසංසලා 2/32
  • Chilaw Marian CC – කඩුලු 8ක් දැවී 226 (48.4) චමරි අතපත්තු 57, ඉමේෂා දුලානි 36, සුමුදු නිසංසලා 54, කාව්‍යා කාවින්දි 28, නිලූකා කුශාන්ති 2/40, සුගන්දිකා කුමාරි 3/30, නිමාෂා මදුශානි 2/42

Chilaw Marian  CC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Baduraliya SC සහ Navy SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – කඩුලු 4ක් දැවී 302 (50.0) හෂිනි පෙරේරා 44, හර්ෂිතා සමරවික්‍රම 140, හංසිමා කරුණාරත්න නොදැවී 73, විහාරා සෙව්වන්දි 2/47
  • Baduraliya SC – සියලුම දෙනා දැවී 49 (23.2) හිරුණි හංසිකා 12, තාරිකා සෙව්වන්දි 4/27, ඉනෝකා රණවීර 2/01

Navy SC කණ්ඩායමට ලකුණු 253ක ජයක්.

Air Force SC සහ SSC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • SSC – සියලුම දෙනා දැවී 75 (30.4) රංගිකා ප්‍රනාන්දු 19, මල්කි මදාරා 2/18, ඉනෝෂි ප්‍රනාන්දු 3/07, ශානිකා සත්‍යාංගි 2/17
  • Air Force SC – කඩුල්ලක් දැවී 76 (16.4) යශෝධා මෙන්ඩිස් 20, හිරුෂි පීරිස් නොදැවී 19, මල්ශා ශෙහානි නොදැවී 26

Air Force SC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Colts CC සහ ACE Capital CC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 8ක් දැවී 231 (50.0) නිලක්ෂි කාවින්ද්‍යා 39, කලනි යාපා 30, ශ්‍යානි සේනාරත්න නොදැවී 48, නිකේෂා විජේසේකර 33, දේවගී ජෙගනාදන් 3/23
  • ACE Capital CC – කඩුලු 9ක් දැවී 178 (50.0) මල්ශා මදුශානි 30, තිවියාංජලී 30, හෂිනි ඉන්ද්‍රජිත් 28, නෙත්මි උපේක්ෂා 2/20

Colts CC කණ්ඩායමට ලකුණු 53ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න