ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරියන් බවට පත් වීමට Navy SC කාන්තා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර ඔවුන් අතර පැවැති ලීග් තරගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට Navy SC ක්‍රීඩිකාවෝ සමත් වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. එහි 2 වැනි ස්ථානය පත් Chilaw Marian CC කණ්ඩායමට තරගාවලියේ අනුශූරතාව හිමි වූවා.
තරග 45කින් යුත් මෙම තරගාවලියේ දී කඩුලු 717කට ලකුණු 11784ක් වාර්තා වූ අතර ශතක 4ක් සහ අර්ධ ශතක 35ක් ද ඒ අතරට අයත් වූවා. හතරේ පහර 1016ක් ඇතුලත් වූ මෙම තරගාවලියේ වාර්තා වූ හයේ පහර සංඛ්‍යාව 30ක්.
තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව
Teams | Mat | Won | Lost | Tied | NR | NRR | PTS | |
1 | Navy SC | 9 | 9 | 0 | 0 | 0 | 2.833 | 18 |
2 | Chilaw Marian CC | 9 | 8 | 1 | 0 | 0 | 1.136 | 16 |
3 | Air Force Sports Club | 9 | 7 | 2 | 0 | 0 | 0.872 | 14 |
4 | Panadura Sports Club | 9 | 6 | 3 | 0 | 0 | 0.436 | 12 |
5 | Army Sports C | 9 | 5 | 4 | 0 | 0 | 0.469 | 10 |
6 | Baduraliya Cricket Cl | 9 | 4 | 5 | 0 | 0 | -0.601 | 8 |
7 | Singhalese Sports Cl | 9 | 2 | 7 | 0 | 0 | -0.492 | 4 |
8 | Colombo Cricket C | 9 | 2 | 7 | 0 | 0 | -1.037 | 4 |
9 | Colts Cricket Club | 9 | 2 | 7 | 0 | 0 | -1.528 | 4 |
10 | ACE Capital Cricket C | 9 | 0 | 9 | 0 | 0 | -2.062 | 0 |
328/3 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වූයේ SSC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ CCC කණ්ඩායමට එරෙහිවයි.
26/10 : තරගාවලියේ අඩුම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වූයේ Colts CC කණ්ඩායමයි. ඔවුන් එම ලකුණු ප්‍රමාණයට දැවී යන්නේ Army SC කණ්ඩායම හමුවේ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීයි.
253 : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වූයේ Navy SC කණ්ඩායමයි. ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කරන්නේ Baduraliya CC කණ්ඩායමට එරෙහිව මග්ගොන Sureey ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේදීයි.
449 : තරගාවලියේ කණ්ඩායම් 2ක එක් ව තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ ගෞරවය හිමි වෙන්නේ Army SC කණ්ඩායමට සහ Chilaw Marians CC කණ්ඩායමටයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයේ දී දී Army SC කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබා ගත් අතර Chilaw Marians CC කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 226ක් ලබා ගත්තා.
තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් 5 දෙනා
Player | Team | M | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | හර්ෂිතා සමරවික්‍රම | Navy SC | 9 | 471 | 140 | 58.88 | 2 | 1 | 47 | 0 |
2 | විශ්මි ගුණරත්න | CCC | 8 | 420 | 166 | 52.5 | 1 | 3 | 50 | 5 |
3 | චමරි අතපත්තු | Chilaw Marian CC | 9 | 330 | 77 | 55.0 | 0 | 4 | 45 | 4 |
4 | හසිනි පෙරේරා | Navy SC | 9 | 274 | 62 | 34.25 | 0 | 3 | 40 | 1 |
5 | නිලක්ෂිකා සිල්වා | Army SC | 9 | 241 | 60 | 30.13 | 0 | 3 | 31 | 2 |
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වෙන්නේ Navy SC කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම වෙතයි. ඇය තමන් සහභාගී වූ තරග 9 දී ලකුණු 471ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අතර ඇයගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Baduraliya CC කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 140යි.
මෙම ශතකයට අමතර ව ඇය Colts CC කණ්ඩායමට එරෙහි ව ද පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 112ක් ලබා ගන්නවා. මෙවර තරගාවලියේ ශතක ද්විත්වයක් ලබා ගත් එක ම ක්‍රීඩිකාව වූයේ ද ඇයයි.
ඊට අමතර ව ඇය Chilaw Marian CC කණ්ඩායමට එරෙහි ව පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 91ක් ද ලබා ගත්තා.
එමෙන් ම තරගාවලියේ වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ද හර්ෂිතා සමරවික්‍රම වෙතයි. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ Baduraliya CC කණ්ඩායමට එරෙහිව පන්දු 99කට මුහුණ දෙමිනුයි.
මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය CCC කණ්ඩායමේ විශ්මි ගුණරත්න වෙත හිමි වෙනවා. ඇය තමන් සහභාගී වූ තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 420ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියනවා.
ඇය ගේ මෙම ලකුණු අතර Colts CC කණ්ඩායමට එරෙහි ව පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 166ක් ද ඇති අතර එය මෙවර තරගාවලියේ පිතිකාරිනියක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ඊට අමතර ව ඇය Baduraliya CC (77), ACE Capital CC (74) සහ Army SC (67) කණ්ඩායම්වලට එරෙහි ව ද අර්ධ ශතක වාර්තා කළා.
තරගාවලිය නිමා වෙන විට ඇය හතරේ පහර 50ක් සහ හයේ පහර 5ක් එල්ල කර තිබූ අතර එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක විසින් එල්ල කරන ලද වැඩිම හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාව බවට ද පත් වුණා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 3 වැනි ස්ථානයට පත් වෙන්නේ Chilaw Marian CC කණ්ඩායමේ චමරි අතපත්තු. ඇය තරග 9කට සහභාගී වෙමින් ලකුණු 330ක් ලබා ගන්නා අතර මේ අතර ඇයගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ Air Force SC කණ්ඩායමට එරෙහි ව පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 77යි.
ඊට අමතර ව ඇය SSC (නොදැවී 76), Colts CC (නොදැවී 65) සහ Army SC (57) කණ්ඩායම්වලට එරෙහි ව ද අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා. ඒ අනුව ඇය මෙවර තරගාවලියේ දී අර්ධ ශතක 4ක් වාර්තා කරන ලද එය මෙවර තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභිනියන් අතර ඉහළින් ම දැක්වෙනවා.
මෙවර තරගාවලියේ ශතක ලැබූවන් අතරට SSC කණ්ඩායමේ ලිහිණි අප්සරා ද එක්වීමට සමත් වෙනවා. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ CCC කණ්ඩායමට එරෙහිවයි. එහිදී ඇය පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 127ක් ලබා ගන්නවා.
තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකලාභිනිය බවට පත් වෙන්නේ Air Force SC කණ්ඩායමේ අයේශා කීර්තිරත්න. ඇය මෙම දක්ෂතාව දක්වන්නේ Colts CC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඇය පන්දු 36ක දී තම අර්ධ ශතකය වාර්තා කරන ලද අතර දැවී යන විට හතරේ පහර 11ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටි අතර තරගාවලිය නිමා කරන විට ඉනිම 8කදී ලකුණු 164ක් ලබා සිටියා.
- ඉනෝෂි, හෂිනි සහ රංගිකා හොඳම පන්දු යැවීම් වාර්තා කරයි
- විශ්මි ගුණරත්නගෙනුත් ශතකයක්
- U 19 Youth පිටිය කළඑළි කළ ක්‍රීඩිකාවෝ
තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් 5 දෙනා
Player | Team | M | Over | Runs | Wkts | Best | 4w | 5w | |
1 | ඉනෝකා රණවීර | Navy SC | 9 | 71.0 | 151 | 23 | 4/16 | 2 | 0 |
2 | දෙව්මි විහංඟා | Chilaw Marian CC | 9 | 72.3 | 215 | 22 | 5/16 | 1 | 1 |
3 | යසන්ති හේරත් | Panadura SC | 9 | 68.0 | 166 | 19 | 3/19 | 0 | 0 |
4 | සුගන්ධිකා කුමාරි | Army SC | 9 | 80.4 | 197 | 19 | 3/08 | 0 | 0 |
5 | හිරුකා නිවර්ථනී | Baduraliya CC | 9 | 77.5 | 249 | 19 | 7/25 | 1 | 1 |
තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය බවට පත් වෙන්නේ Navy SC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර. ඇය කඩුලු 23ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා. ඇයගේ මෙම කඩුලු ලබා ගැනීම් අතර ඉහළ ම දක්ෂතාව බවට පත් වෙන්නේ Colts CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට දවා ගත් කඩුලු 4යි.
ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ Chilaw Marian CC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන දෙව්මි විහංඟාට. ඇය මෙවර තරගාවලියේ දී කඩුලු 22ක් දවා ගන්නා ලද අතර ඒ අතරට එක් කරගත් ඉහළ ම දක්ෂතාව වෙන්නේ Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට දවා ගත් කඩුලු 5යි.
තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Baduraliya CC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන හිරුණිකා නිවර්තනී. ඇය ACE Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 7ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දක්වනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.