ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (31) නිමා වූ අතර එම තරගයෙන් CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Panadura SC කණ්ඩායම සමත් වූවා.
පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Panadura SC ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් CCC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 194ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් Panadura SC ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා පියුමි වත්සලා. ඇය පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා.
ඊට අමතර ව අමාධි විජේසිංහ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 126කදී ලකුණු 80ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාවයෙන් පසුව පිටියට පිවිසි රශ්මිකා සෙව්වන්දි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට ද සමත් වුණා.
කඩුලු දවා ගැනීමේ දී නෙත්මි විදුශික පෙරේරා ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව සාවින්දි කුරේ ලකුණු 35කට කඩුලු 3ක් ද සහ යශෝධා සේනාරත්න, ලිමංසා තිලකරත්න සහ පමොධා ශයිනි කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- හර්ෂිතා පළමු ශතකය වාර්තා කරයි
- Major Club කාන්තා ක්‍රිකට් තරගාවලිය 30දා සිට
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට
- Joe Root පෙරළිකාරයන්ගේ ලැයිස්තුවේ ඉහළට
- SSC කණ්ඩායම Tier B ශූරතාව දිනා ගනී
පිළිතුරු ඉනිමේ දී ආරම්භක කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට නායිකා විශ්මි ගුණරත්න සහ යශෝධා සේනාරත්න සමත් වෙනවා. එහි දී විශ්මි ගුණරත්න පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත් අතර යශෝධා සේනාරත්න පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.
ඊට අමතර ව කෞෂිනී නුත්‍යාංගා පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සඳලි වීරසිංහ ලකුණු 26කට කඩුලු 3ක් ද සහ යසන්ති හේරත් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා, පියුමි වත්සලා සහ රිශ්මි සංජනා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරු
Panadura SC සහ CCC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC – සියලුම දෙනා දැවී 223 (50.0) අශිනි කෞශල්‍යා 20, පියුමි වත්සලා 74, අමාධි විජේසිංහ 36, රශ්මිකා සෙව්වන්දි නොදැවී 42, නෙත්මි විදුශිකා පෙරේරා 4/60, සාවින්දි කුරේ 3/35
- CCC – සියලුම දෙනා දැවී 194 (45.5) විශ්මි ගුණරත්න 24, යශෝධා සේනාරත්න 38, කෞෂිනී නුත්‍යාංගා 35, යසන්ති හේරත් 3/30, සඳලි වීරසිංහ 3/26
Panadura SC කණ්ඩායමට ලකුණු 29ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<