විශ්මි ගුණරත්නගෙනුත් ශතකයක්

SLC Major Club Women 50 Over Tournament 2025

56
SLC Major Club Women 50 Over Tournament - 09th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියට ශතකය එක් කිරීමට CCC කණ්ඩායමේ නායිකාව වන විශ්මි ගුණරත්න අද (09) සමත් වෙනවා.

ඇය Colts CC  කණ්ඩායමට එරෙහි ව පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 166ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ පිතිකාරිනියක විසින් වාර්තා කරන ලද තෙවැනි ශතකය වන අතර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

මේ අතර Navy SC කණ්ඩායමේ හෂිනි පෙරේරා SSC  කණ්ඩායමට එරෙහි ව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ද සහ Panadura SC කණ්ඩායමේ පියුමි වත්සලා Air Force SC කණ්ඩායමට එරෙහි ව පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

මේ අතර පන්දු යැවීමේ දී Army SC කණ්ඩායමේ රන්දි ප්‍රේමරත්න Baduraliya CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Army SC සහ Baduraliya CC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya CC – සියලුම දෙනා දැවී 108 (49.5) උමයංගනා පීරිස් 27, රන්දි ප්‍රේමරත්න 4/29, සුගන්දිකා කුමාරි 3/19, නිමාෂා මදුශානි 09/2
  • Army SC – කඩුලු 2ක් දැවී 111 (26.0) නිලුකා කුශාන්ති 47, ඉමල්කා මෙන්ඩිස් 45, ෂෙහාරා ඉඳුවරී 2/10

Army SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Air Force SC සහ Panadura SC අතර තරගය, කටුනායක යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – සියලුම දෙනා දැවී 129 (50.0) සඳලි වීරසිංහ 33, පියුමි වත්සලා 51, ඉනෝෂි ප්‍රනාන්දු 2/25, සඳනි තිවංකා 3/17, රුචිනි සමරසිංහ 2/24
  • Air Force SC – කඩුලු 7ක් දැවී 130 (31.5) හිරුෂි පීරිස් 19, මල්ශා ෂෙහානි නොදැවී 47, යසන්ති හේරත් 2/25

Air Force SC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Colts CC සහ CCC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • CCC – සියලුම දෙනා දැවී 217 (43.5) විශ්මි ගුණරත්න 166, චුශාදි කෞශල්‍යා 18, නෙත්මි සංජනා 2/25, දනුලි තෙන්නකෝන් 2/13
  • Colts CC – සියලුම දෙනා දැවී 173 (45.1) නෙත්මි උපේක්ෂා 41, ශානි සෙනෙවිරත්න 33, හරිනි පෙරේරා 34, නෙත්මි සංජනා නොදැවී 18, මදාරා සමරකෝන් 2/32, හිමාෂ පෙරේරා 2/39, මල්ෂි නිරාශා 3/23

CCC කණ්ඩායමට ලකුණු 44ක ජයක්.

Navy SC සහ SSC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – කඩුලු 6ක් දැවී 245 (50.0) හෂිනි පෙරේරා 56, නිලක්ෂනා සඳමිණි 26, හර්ෂිතා සමරවික්‍රම 41, දැහැමි සෙනෙත්මා 30, සත්‍යා සංදීපනී 46, තාරිකා සෙව්වන්දි නොදැවී 15, චමෝද් මුණසිංහ 2/52
  • SSC – සියලුම දෙනා දැවී 120 (40.2) චතුරානි ගුණවර්ධන 22, චමරි ලක්ශානි නොදැවී 33, උදේශිකා ප්‍රබෝදනී 3/24, සත්‍යා සංදීපනී 2/26, ඉනෝකා රණවීර 2/29

Navy SC කණ්ඩායමට ලකුණු 125ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<