ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි ශතකය වාර්තා කිරීමට SSC කණ්ඩායමේ ලිහිණි අප්සරා සමත් වෙනවා.
තරගාවලියේ පළමු ශතකය වාර්තා කළේ Navy SC කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම. ඇය එම දක්ෂතාව දක්වන්නේ Baduraliya SC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඇය පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 140ක් ලබා ගත්තා.
ලිහිණි අප්සරා තම ශතක ඉනිම වාර්තා කළේ CCC කණ්ඩායමට එරෙහිවයි. පන්දු 142කට මුහුණ දුන් ඇය හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 127ක් ලබා ගත් අතර ඇය එම ඉනිමේ දී අමා කාංචාන සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 93ක දී නොදැවුණ ලකුණු 139ක් ද එක් කරනවා. එහි දී අමා කාංචනා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ද ලබා ගන්නවා.
මේ අතර Chilaw Marian CC කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වූ සංජනා කාවින්දි සහ චමරි අතපත්තු Colts CC කණ්ඩායමට එරෙහි ව 1 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 127ක සබඳතාවක් ද ගොඩ නගනවා. ඒ සඳහා ඔවුන් දෙදෙනා වැය කරන්නේ පන්දු 145ක් පමණයි.
එහි දී චමරි අතපත්තු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 65ක් ද සහ සංජනා කාවින්දි පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්තා.
චමරි අතපත්තු පන්දු යැවීමේ දී ද ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 16කට දවා ගන්නවා.
ඊට අමතර ව CCC කණ්ඩායමේ විශ්මි සොයිසා SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී Navy SC කණ්ඩායමේ උදේශිකා ප්‍රබෝධනී Army SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 20කට කඩුලු 4ක් ද සහ SSC කණ්ඩායමේ ඉරේෂා ශ්‍යාමලී CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
- උමයංගනා, හිරුණිකා සහ සෙව්මිණි දක්ෂතා දක්වයි
- චමරි, යශෝධා, නිලූකා සහ මල්කි දක්ෂතා දක්වයි
- හර්ෂිතා පළමු ශතකය වාර්තා කරයි
- Major Club කාන්තා ක්‍රිකට් තරගාවලිය 30දා සිට
- U 19 කාන්තා Youth ශූරතාව Galle ක්‍රීඩිකාවන්ට
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Chilaw Marian CC සහ Ace Capital CC අතර තරගය, මග්ගොන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC – සියලුම දෙනා දැවී 42 (23.3)යෙසලි ජිතාරා 11, කාව්‍යා කාවින්දි 2/07, ශෂිනි ගිම්හානි 3/19, සුලේශා සත්සරණි 2/07, දෙව්මි විහංගා 2/07
- Chilaw Marian CC – කඩුලු 3ක් දැවී 45 (11.1) කාව්‍යා කාවින්දි 14, සුමුදු නිසංසලා නොදැවී 26, වනීසා රොද්‍රිගෝ 2/04
Chilaw Marian CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Navy SC සහ Army SC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
Army SC – සියලුම දෙනා දැවී 59 (22.4) සුගන්දිකා කුමාරි 19, උදයංගනී ද සිල්වා 17, උදේශිකා ප්‍රබෝධනී 4/20, ඉනෝකා රණවීර 2/08, සත්‍යා සංදීපනී 3/05
Navy SC – කඩුලු 5ක් දැවී 61 (19.5) නිලක්ෂණා සඳමිණි 22, හර්ෂිතා සමරවික්‍රම 24, සුදර්ශිකා බණ්ඩාර 2/06
Navy SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Baduraliya SC සහ Air Force SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
Air Force SC – සියලුම දෙනා දැවී 104 (27.2) හර්ශනී විජේසූරිය 19, අයේෂා කීර්තිරත්න නොදැවී 21, උමයංගනා පීරිස් 3/22, සෙව්මිණි සසිකලා 3/29
Baduraliya SC – සියලුම දෙනා දැවී 59 (34.1) රශ්මි නෙත්‍රාංජලී 19, හිරුණි හංසිකා 18, මල්කි මදාරා 2/14, මල්ශා ෂෙහානි 2/03,
Air Force SC කණ්ඩායමට ලකුණු 45ක ජයක්.
Ace Capital CC සහ Panadura SC අතර තරගය, කොස්ගම සාලිවා යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
Ace Capital CC – සියලුම දෙනා දැවී 97 (35.5) යෙනුලි සත්නදී 18, මල්ශා මදුශානි 18, හෂිනි ඉන්ද්‍රජිත් 29, ප්‍රමුධි මෙතිසරා 3/16, රිශ්මි සංජනා 3/14, පියුමි වත්සලා 2/08
Panadura SC – කඩුලු 7ක් දැවී 100 (24.1) විමෝක්ෂා බාලසූරිය 20, පියුමි වත්සලා 33, සුගන්දිකා පතිරණ 2/26, ජනාදි අනාලි 3/33
Panadura SC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
Colts CC සහ Chilaw Marian CC අතර තරගය, කොළඹ Colts CC ක්‍රීඩාංගණයේ දී.
Colts CC – සියලුම දෙනා දැවී 126 (49.2) එරන්දි වර්ණකුලසූරිය 26, චමෝදි දේවින්ද්‍යා 22, දෙව්මි විහංගා 2/25, චමරි අතපත්තු 4/16
Chilaw Marian CC – කිසිවෙක් නොදැවී 127 (24.1) සංජනා කාවින්දි නොදැවී 53, චමරි අතපත්තු නොදැවී 65
Chilaw Marian CC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
CCC සහ SSC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
SSC – කඩුලු 3ක් දැවී 328 (50.0) ඉරේෂා ශ්‍යාමලී 35, ලිහිණි අප්සරා නොදැවී 127, සෙත්මි නෙහාරා 30, අමා කාංචනා නොදැවී 74, ලිමංසා තිලකරත්න 2/39
CCC – සියලුම දෙනා දැවී 147 (48.5) යශෝධා සේනාරත්න 28, විශ්මි සොයිසා 51, පමෝධි ෂයිනි 20, ඉරේසා ශ්‍යාමලි 4/25, චමරි ලක්ශානි 3/21
SSC කණ්ඩායමට ලකුණු 181ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















