ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික්ක 24ක් නියෝජනය වන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (18) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයකදීම පැවැත්විය. අද අවසන් වූ තරග වලින් කොළඹ, පුත්තලම, යාපනය, අම්පාර හා මහනුවර යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.
ආරම්භක දිනයේදීම කුසල් පෙරේරාගෙන් ප්‍රවේගකාරී ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දිස්ත්‍රික්ක 24ක් නියෝජනය වන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලිය ඊයේ (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ 8කදී ආරම්භ විය..
කොළඹ හා ගම්පහ
කොළඹ කෝල්ට්ස් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගම්පහ කණ්ඩායම පළමුව පන්දු යවන ලදි. මෙම තරගයෙන් කොළඹ කණ්ඩායම ලකුණු 230ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
අශාන් ප්‍රියන්ජන ලකුණු 68ක් හා ලහිරු මදුසංක ලකුණු 51*ක් රැස්කර ගෙන ලකුණු 278ක් තම කණ්ඩායම වෙත ලබා දෙන ලදි. පන්දු යැවීමේ දී නිශාන් පීරිස් විසින් කොළඹ කඩුලු 2ක් දවාලමින් දස්කම් දැක්විය.
ගම්පහ කණ්ඩායම නොසිතූ ලෙස ක්‍රියාත්මක වුනු ඩිල්ශාන් මුණවීර තමන් පිත්තෙන් ලබා ගත් ලකුණු 41ට අමතරව ලකුණු 9ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක ද නිරත විය.
කොළඹ – 278/6 (50): අශාන් ප්‍රියන්ජන 68, ලහිරු මදුසංක 51*, වනිදු හසරංග 46, ඩිල්ශාන් මුණවීර 41, මාධව වර්ණපුර 30, නිශාන් පීරිස් 2/57
ගම්පහ – සියල්ලන්ම දැවී ලකුණු 48 (22.3): ශෙහාන් අනුරුද්ධ 22, ඩිල්ශාන් මුණවීර 6/09, සචිත් පතිරණ 3/10
පුත්තලම හා කුරුණෑගල
කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටියේ දී පුත්තලම කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙම තරගයෙන් පුත්තලමට ලකුණු 179ක ජයග්‍රහණයක් හිමි විය.
සචිත්ර සේරසිංහ, තික්ශිල ද සිල්වා හා ශෙහාන් ජයසූරිය ප්‍රහාරාත්මක පිතිකරණය නිරත වෙමින් අර්ධ ශතක රැස්කරගත් අතර, පුත්තලම කණ්ඩායමට එම පිතිකරණය ලකුණු 335ක් දක්වා යාමට අවශ්‍ය මඟ සලසන ලදි. දර්ශන මහවත්ත කඩුලු 3යි.
රුවන්ත ඒකනායක හා අනුරුද්ධ රාජපක්ෂගේ සබඳතාවය හැරෙන්නට වෙනත් සාර්ථක සබඳතාවයක් කුරුණෑගල කණ්ඩායම දෙසින් දක්නට නොලැබිණි. මලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
පුත්තලම – සියල්ලන්ම දැවී 335 (47.2): සචිත්ර සේරසිංහ 91, තික්ශිල ද සිල්වා 84, ශෙහාන් ජයසූරිය 83, ඉසුරු උදාන 34, දර්ශන මහවත්ත 3/39, අනුරුද්ධ රාජපක්ෂ 2/48
කුරුණෑගල – සියල්ලන්ම දැවී 156 (33.2): රුවන්ත ඒකනායක 64, අනුරුද්ධ රාජපක්ෂ 44, මලින්ද පුෂ්පකුමාර 4/68, අරෝශ් ජනෝද් 2/08, අසිත ප්‍රනාන්දු 2/20
යාපනය හා වව්නියාව

යාපනය – 318/8 (50): තරංග පරණවිතාන 101, හරිත් මදුවන්ත 57, සිතාර ගිම්හාන 55, ජීවන් මෙන්ඩිස් 32, මහේෂ් ප්‍රියදර්ශන 5/54
වව්නියා – සියල්ලන්ම දැවී 156 (33.2): සමිත් දුශ්ශන්ත 68, තරිදු ඩිල්ශාන් 31, ජීවන් මෙන්ඩිස් 5/41, චාමික කරුණාරත්න 2/18, රමිත් රඹුක්වැල්ල 2/32
අම්පාර හා ත්‍රිකුණාමලය

අචිර හිරංග මනරම් පහර කිහිපයක්ම සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දුවිදු තිලකරත්න හා අලංකාර අසංක කඩුලු 3ක් දවාලමින් තම කණ්ඩායමට සවියක් වෙද්දී, පිතිකරණයෙන් ලකුණු 85ක් ලබා ගත් ශෙහාන් ප්‍රනාන්දු අම්පාර කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට පිත්තෙන් සවියක් විය. සොහාන් රංගික කඩුලු 4ක් දවා ගන්නා ලදි. තරගය බී.ආර්.සී. පිටියේ දී පැවැත්විය.
ත්‍රිකුණාමලය – සියල්ලන්ම දැවී 197 (45.5): අචිර හිරංග 49, දිමුත් වරාපිටිය 35, රාජු ගයාෂාන් 30, ලහිරු සී ලක්මාල් 25, දුවිදු තිලකරත්න 3/36, අලංකාර අසංක 3/33, දිලේශ් ගුණරත්න 2/42
අම්පාර – 199/6 (36.5): ශෙහාන් ප්‍රනාන්දු 85, ලක්කන ජයසේකර 35, සහන් විජේරත්න 30*, සොහාන් රංගික 4/28
පොළොන්නරුව හා මන්නාරම
වමත් පිතිකරුවන් වන උදාර ජයසුන්දර හා ලහිරු තිරිමාන්න නොදැවී ශතක වාර්තා කරගෙන මන්නාරමට කඩුලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ගෙන ආ තරගය මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවැත්විය.
නිපුන ගමගේ (54) සහය ද ඇතිව ගොඩනැංවූනු පොළොන්නරුවේ ලකුණු 219 හඹා යාමට පිටියට පැමිණි ජයසුන්දර, පන්දු 106ක් තුල 4 පහර 7ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 100*ක් රැස්කර ගන්නා විට, අනෙක් අන්තයෙන් සවියක් වුනු තිරිමාන්න 4 පහර 9ක් හා මනරම් 6 පහර 3ක් සමඟින් පන්දු 108ක දී නොදැවී ලකුණු 103*ක් රැස්කරගෙන මෙම අද්විතීය ජයග්‍රහණය තම කණ්ඩායමට ගෙන එන ලදි.
පන්දු යැවීමේ දී චතුර පීරිස්, ජනිත ලියනගේ, අමිල අපෝන්සු හා නිලංක ප්‍රේමරත්න කඩුලු 2ක බැගින් දවාලන ලදි.
පොළොන්නරුව – 218/9 (50): නිපුන ගමගේ 54, තරිදු සිරිවර්ධන 49, යෙහාන් ද සිල්වා 42, සුලාන් ජයවර්ධන 25,චතුර පීරිස් 2/23, ජනිත් ලියනගේ 2/28, අමිල අපෝන්සු 2/33, නිලංක ප්‍රේමරත්න 2/49
මන්නාරම – 219/01 (36.2): ලහිරු තිරිමාන්න 103*, උදාර ජයසුන්දර 100*
මාතලේ හා මහනුවර
කාසියේ වාසිය ජයග්‍රහණය කල මහනුවර කණ්ඩායම පළමුව පන්දු යවා මාතලේ කණ්ඩායම ලකුණු 122කට සීමා කරන ලදි. එහි දී බුද්ධික හසරංග තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3ක් දවා ගන්නා ලදි.
පිළිතුරු ඉනිම දියත් කල මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 123ක් ලබාගෙන තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කල අතර, මිනෝද් භානුක වර්ණවත් පිතිකරණය නිරත වෙමින් නොදැවී ලකුණු 70*ක් රැස්කර ගන්නා ලදි. තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්විය.
මාතලේ – සියල්ලන්ම දැවී 122 (37.1): බුද්ධික හසරංග 53, ජෙෆ්රි වැන්ඩසේ 3/31, තිසර පෙරේරා 2/18, සචිත්ර සේනානායක 2/15, දසුන් ශානක 2/15
මහනුවර – 123/1 (21.1): මිනෝද් භානුක 70*, සචිත්ර සේනානායක 20*
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<






















