සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (09) සමත් වෙනවා.
Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 292ක් ලබා ගන්නා ලද අතර සත්කාරක බටහිර ඉන්දීය ඇකඩමි ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 214ක් පමණයි. ඉන් අනතුරු ව ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගන්නවා. ජයග්‍රහණය සඳහා ලකුණු 298ක් හඹා ගිය කොදෙව් ඇකඩමි ඉනිම ලකුණු 222කට සීමා වෙනවා.
තරගයේ 3 වැනි දිනය ආරම්භ වෙන්නේ තම 2 වැනි ඉනිමට පිටියට එක් ව සිටි ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ගේ කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී ජනිශ්ක පෙරේරා ලකුණු 13ක් ද සහ නායක ධනංජය ලක්ෂාන් ලකුණු නොලබා ද පිටියේ නොදැවී රැඳී සිටියා.
ඔවුන් දෙදෙනා අතර පන්දු 67කට ලකුණු 45ක සබඳතාවක් එක් වෙද්දී ධනංජය ලක්ෂාන් දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව 7 වැනි කඩුල්ල සඳහා ජනිශ්ක පෙරේරා සමඟින් එක් වෙන්නේ පළමු ඉනිමේ ශතකලාභී සොහාන් ද ලිවේරා. ඔවුන් දෙදෙනා විසින් පෙර ඉනිමේ දී ශතක සබඳතාවක් එක් කළ ද මෙවර ඔවුන්ගේ සබඳතාව පන්දු 41කින් එක් වූ ලකුණු 23ක් පමණක් බවට පත් වෙනවා.
ජනිශ්ක පෙරේරා පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34කට දැවී යෑමත් සමඟින් ඔවුන් ගේ සබඳතාව බිඳී යනවා. සොහාන් ද ලිවේරා 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
ඉනිමේ අනෙක් පිතිකරුවන් වූ අශේන් ඩැනියෙල් සහ දුලාජ් සමුදිත ලකුණක් බැගින් ලබා සිටිය දී ඉනිම් අහිමිකර ගත් අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට සිතුම් දිසානායක ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Nathan Edward ලකුණු 23කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව Joshua Bishop ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත් අතර පළමු ඉනිමේ කඩුලු 7ක් දවා ගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත වූ Kelvin Pitman ට හිමි වූයේ එක් කඩුල්ලක් පමණයි.
- දුලාජ්, රවිඳු සහ ශෙවෝන් දක්ෂතා දක්වයි
- කොදෙව් සටන සොහාන්ගේ කර මතින්
- Ride ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී!
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- කොදෙව් යන නැගී එන තරු රෑන
ජයග්‍රහණය සඳහා ලකුණු 297ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් ඇකඩමි ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 222ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට ආරම්භක පිතිකරු Ackeem Auguste සමත් වෙනවා. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Carlon Bowen-Tuckett පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද, Rivaldo Clarke පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද සහ Mbeki Joseph පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගන්නවා.
අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.
ඊට අමතර ව දුලාජ් සමුදිත ලකුණු 46කට කඩුලු 3ක් ද සහ අශේන් ඩැනියෙල් ලකුණු 55කට කඩුලු 3ක් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, Nathan Edward 2/58, Kelvin Pitman 7/28
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (50.4) Ackeem Auguste 24, Carlon Bowen-Tuckett 30, Rivaldo Clarke 42, Joshua Bishop 24, දුලාජ් සමුදිත 5/57, අශේන් ඩැනියෙල් 3/45
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 219 (58.2) රවිඳු රසාන්ත 65, ශෙවෝන් ඩැනියෙල් 50, ජනිශ්ක පෙරේරා 34, ධනංජය ලක්ෂාන් 28, සොහාන් ද ලිවේරා 26, Joshua Bishop 3/41, Nathan Edward 6/23
බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 222 (50.5) Ackeem Auguste 82, Mbeki Joseph 25, Carlon Bowen-Tuckett 43, Rivaldo Clark 36, දුලාජ් සමුදිත 3/46, දිලුම් සුදීර 4/51, අශේන් ඩැනියෙල් 3/55
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 75ක ජයක්.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් 2 වැනි සහ අවසන් සිව්දින තරගය මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<