සොනාල් දිනූෂට ටෙස්ට් වරම්

Bangladesh Tour of Sri Lanka

12
Sonal Dinusha

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් ටෙස්ට් තරග අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දෙරටේ නායකයන් අතර උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගත් සංචාරක බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත්තා.

මෙම තරගයේ දී 24 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ මංගල ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වෙනවා.

කුසල් මෙන්ඩිස් වෙතින් ටෙස්ට් හිස් වැස්ම පැළඳ ගත් සොනාල් දිනූෂ මේ දක්වා පළමු පෙළ තරග 48ක දී ශතක 7ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2478ක් ද සහ කඩුලු 99ක් ද අතැතිව සිටින වමත් ක්‍රීඩකයෙක්.

ඔහුට අමතර ව අද තරගයේ දී විශ්ව ප්‍රනාන්දු ට ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි ව තිබෙනවා.

 බංග්ලාදේශ කණ්ඩායම පෙර තරගයට එක් වූ Jaker Ali සහ Hasan Mahmud වෙනුවට Mehidy Hasan Miraz සහ Ebadot Hossain එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සොනාල් දිනූෂ, තරිඳු රත්නායක, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ජයසූරිය.

බංග්ලාදේශ කණ්ඩායම

Najmul Hossain Shanto (නායක), Shadman Islam, Anamul Haque, Mominul Haque, Mushfiqur Rahim, Litton Das (කඩුලු රකින්නා), Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana සහ Ebadot Hossain

බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායමක් මෙම තරගය පැවැත්වෙන කොළඹ SSC ක්‍රීඩාංගණයට පය තබන්නේ 2007 වසරෙන් පසුවයි. එම වසරේ ජුනි මාසයේ අද වැනි දවසක දී ම ආරම්භ වූ එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 234කින් ජයග්‍රහණය කරනවා.

දෙරටේ ක්‍රීඩකයෝ 2001 වසරේ සිට මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ දී තරග 3කට මුහුණ දී ඇති අතර එම තරග ත්‍රිත්වයෙන් ම ජයග්‍රහණ වාර්තා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එම තරග ත්‍රිත්වයත් සමඟින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී මේ දක්වා ටෙස්ට් තරග 45ක් පවත්වා ඇති අතර ඉන් තරග 21ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙන අතර තරග 10ක් පරාජිත තරග ලෙසින් ද අනෙකුත් තරග 14 විසඳුමකින් තොරව ද අවසන් ව තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<